බංග්ලාදේශයේ අන්තර්කාලීන රජයේ නව දේශපාලන ප්‍රඥප්තිය එරෙහිව රට පුරා විරෝධතා

Date:

සටහන: සශිකලා මධුෂාණි

ඔක්තෝබර් 18: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බංග්ලාදේශයෙන් අන්තර්කාලීන රජයේ නව දේශපාලන ප්‍රඥප්තියට එරෙහිව රටපුරා විරෝධතා ඇතිව ඇති බව් වාර්තා වේ.

හිටපු අගමැතිනි ෂෙයික් හසීනා ඉවත් කිරීමට හේතු වූ විරෝධතාවලින් වසරකට වැඩි කාලයකට පසුව මුහම්මද් යූනුස්ගේ නායකත්වයෙන් යුත් අන්තර්කාලීන රජය මෙම ප්‍රඥප්තිය කෙටුම්පත් කර තිබිණි.

යූනුස්ගේ අන්තර්කාලීන රජය, දේශපාලන ප්‍රතිසංස්කරණ ගණනාවකට මග පෑදීම සඳහා නව දේශපාලන ප්‍රඥප්තියට අත්සන් කරන ලෙස රටේ ප්‍රධාන දේශපාලන පක්ෂවලට ආරාධනා කර තිබු අතර පසුගිය ජූලි මාසයේදී ආරම්භ වූ ජාතික නැගිටීම් අනුව නම් කරන ලද “ජූලි ජාතික ප්‍රඥප්තිය”, ව්‍යවස්ථා සංශෝධන, නීතිමය වෙනස්කම් සහ නව නීති බලාත්මක කිරීම අපේක්ෂා කරයි.

කෙසේ නමුත් මිට එරෙහිව ඩකා අගනුවර රැස් වූ විරෝධතාකරුවන් මර්දනය කිරීම වෙනුවෙන් පොලිසිය කඳුළු ගෑස්, අත්බෝම්බ සහ බැටන් පොලු භාවිතා කර තිබු අතර විරෝධතාකරුවන් හා හමුදාව අතර ගැටීම හේතුවෙන් විශාල පිරිසක් රෝහල්ගත කර තිබෙන බවයි ජාත්‍යන්තර මාධ්‍ය වැඩිදුරටත් මේ සම්බන්ධයෙන් වාර්තා කරන්නේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාව ජපානය සමඟ ගැටුමෙන් තරගාවලිය අරඹයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19...

කහ ජර්සිය සමඟ පිංතු මහනුවර සිට අනුරාධපුරයට

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: Lanka Ride තෙදින පාපැදි...

රන්වලගේ රිය අනතුර : තුවාලකරුවන්ගේ වෛද්‍ය වාර්තා තවමත් ලැබී නැතැයි පොලීසිය උසාවියට කියයි

සපුගස්කන්ද ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු කථානායක, පාර්ලිමේන්තු...

කළු ජනවාරියේ සළු පාලිය ….

මාළිමා ආණ්ඩුව සුරැකීමේ ව්‍යාපාරයේ "ජන බලය සාමූහිකය" විසින් 2026...