ඉන්දියාව අන්තිම හතරේ නූලෙන් එල්ලෙයි

Date:

නිශ්මං රණසිංහ  ඔක්තෝබර් 20,  කොළඹ LNW:

කන්තා ලෝක කසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ එංගලන්තය අතර පැවති තරඟයෙන් ලකුණු හතරක තියුණු ජයක් ලබන්නට එංගලන්තයට හැකි විය.පරාජයේ ලකුණු පරතරය අවම කර ගනිමින්,ශුද්ධ ලකුණු වේගය ඉහළින් තබා ගත් ඉන්දියාව තරඟය පරාජයට පත්වුණත් තවදුරටත් මුල් කණ්ඩායම් හතර අතර රැඳී සිටින්නට සමත් විය.


පළමුව පන්දුවට පහර දුන් එංගලන්තය,කඩුලු හයක් දැවී ලකුණු දෙසිය අසූ අටක් රැස් කර ගැනීමට සමත් විය.එහිදී කැපී පෙනුනම ඉනිම ක්‍රීඩා කළ හයිදර් නයිට්,ලකුණු එකසිය නවයක අගනා ඉනිමක් දියත් කළාය.තරඟයේ වීරවරිය හැටියට නම් කළ නයිට්ගේ එම ඉනිමට සහාය වෙමින් ඇමී ජෝන්ස් ලකුණු පනස් හයක් රැස් කළාය.


පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඉන්දියාව වෙනුවෙන් ස්මිතී මන්දනා ලකුණු 88ක් ද,කර්මජිත් කොවුර් ලකුණු හැත්තෑවක් හැත්තෑවක්ද ලබාගත් අතර,එංගලන්තයට පන්දුවෙන් හිසරදයක් වෙමින් ලකුණු පනස් එකකට කඩුලු හතරක් ලබා ගත් දීප්ති ෂර්මා,ඉන්දීය කණ්ඩායමේ වීරවරිය වෙමින්,පිත්තෙන්ද අගනා ලකුණු පනහක් ලබා ගැනීමට සමත් වූවාය.


සොෆී එක්ලෙස්ටෝන් විසින් යවන්නට යෙදුණ 47 වන පන්දු ඕවරය සහ ලින්සේ ස්මිත් විසින් යවන ලද 48 වන ඉන්දීය ආක්‍රමණයේ බලාපොරොත්තු පහත හෙලන්නට සමත් වියදම්.සොෆී දීප්ති ෂර්මාගේ සටන්කාමී ඉනිම නිමා කරමින්,පන්දු ඕවරය ලකුණු පහකට සීමා කළාය.ස්මිත් 48 වන පන්දු වාරයේ ලබා දුන්නේ ලකුණු හතරක් පමණි.ඒ නිසා අවසාන පන්දු වාර දෙකට ලකුණු 22ක ඉලක්කයක් සපුරා ගැනීමට ඉන්දියාවට සිදුවිය.එයින් ඔවුන් ලබා ගත්තේ ලකුණු දහ අටක් පමණි.


මේ තරඟයේදී ඉන්දියාව අවසාන කණ්ඩායම හතර තුළ රැඳී සිටීම සඳහා ශ්‍රී ලංකාවේදී නවසීලන්තය මුහුණ දුන් තරඟ දෙකක්ම තීරණයක් නොමැතිව අවසන් වීම ඉන්දියාවට වාසිදායක ලෙස බලපෑ බව පැහැදිළිය.දැන් තරගාවලියේ සෑම කණ්ඩායමක්ම තරග පහ බැගින් නිමා කර තිබේ.ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් තුන හැරුන විට,සෙසු කණ්ඩායම් පහට දැන් තිබෙන තත්ත්වය අනුව අවසාන කණ්ඩායම් හතරට ඇතුළත් වීමේ තත්ත්වය විවෘතව පවතී.එහිදී තම කණ්ඩායම් කුමනාකාරයෙන් දස්කම් දක්වනවාද යන්නත්,සෙසු කණ්ඩායම් කුමන ආකාරයෙන් දක්ෂතා දක්වනවාද යන්නත් මත අවසානය තීරණය වනු ඇත.
පහතින් දක්වා ඇත්තේ එංගලන්ත ඉන්දීය තරඟයේ ලකුණු පුවරුවට පිවිසෙන සැබැඳියය.
Result
ENG Women vs IND Women, 20th Match
ICC Women’s World Cup

ENG-W 288/8
IND-W 284/6
ENG Women won by 4 runs

Click here to view more @espncricinfo : https://www.espncricinfo.com/series/icc-women-s-world-cup-2025-26-1478193/india-women-vs-england-women-20th-match-1490432/live-cricket-score

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෝටි 90ක් අයිස් සමඟ ලේනාගේ ගෝලයෙකුත් දැලේ!

කොළඹ LNW:අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 60කට අධික ප්‍රමාණයක් සමග...

චීනයේ නව සංවර්ධන සැලසුමට චීන ජනපතිගෙන් උපදෙස්!

කොළඹ LNW:චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ...

වෙරළ සංරක්ෂණ බලකාය මාර්ග සංරක්ෂණය කරද්දී දෙහිවල – ගල්කිස්ස මහ නගරසභාව මර නින්දේ !

පහත ඡායාරූපවලින් දිස්වන්නේ දෙහිවල පාලම අසල වෙරළ තීරයේ පවතින...

එංගලන්තය සටනට සැරසෙයි…

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා...