උතුරු කොරියාව නැගෙනහිර මුහුද දෙසට බැලස්ටික් මිසයිල කිහිපයක් එල්ල කරයි..

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

උතුරු කොරියාව සිය නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ ජලාශ්‍රිත ප්‍රදේශයට කෙටි දුර බැලස්ටික් මිසයිල කිහිපයක් එල්ල කර ඇති බව දකුණු කොරියානු හමුදාව පැවසුවේ, මාස ගණනාවකට පසු ඔවුන්ගේ පළමු මිසයිල දියත් කිරීම සනිටුහන් කරමිනි.

අද(22) උදෑසන මිසයිල දියත් කිරීම සිදුවූයේ දකුණු කොරියාව ආසියා-පැසිෆික් ආර්ථික සහයෝගීතා (APEC) සමුළුවට සත්කාරකත්වය දැක්වීමට සතියකට පෙර බවද වාර්තා වේ. එහිදී චීන ජනාධිපති ෂී ජින්පින්, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ අනෙකුත් ලෝක නායකයින් දකුණු කොරියානු නගරයක් වන ග්යොංජු හි සාකච්ඡා සඳහා රැස්වනු ඇත. දකුණු කොරියානු හමුදාව පැවසුවේ, ජපාන මුහුද ලෙසද හැඳින්වෙන නැගෙනහිර මුහුද දෙසට එල්ල කරන ලද “කෙටි දුර බැලස්ටික් මිසයිල යැයි විශ්වාස කරන ප්‍රක්ෂේපණ කිහිපයක් අනාවරණය කරගත්” බවයි.

ඒ අනුව, මිසයිල කිලෝමීටර් 350 ක් (සැතපුම් 217) පමණ දුරක් පියාසර කළ බව සෝල්හි බලධාරීන් පැවසීය.

“අතිරේක දියත් කිරීම් සඳහා (හැකියාව) සූදානම් වීම සඳහා අපගේ හමුදාව නිරීක්ෂණ වේගවත් කර ඇති අතර එක්සත් ජනපදය හා ජපානය සමඟ අදාළ තොරතුරු බෙදා ගනිමින් ස්ථිර සූදානමක් පවත්වා ගෙන යයි,” දකුණු කොරියාවේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන් පැවසූ බව Yonhap වාර්තා කර තිබිණි.

අවසන් වරට උතුරු කොරියාව කෙටි දුර බැලස්ටික් සහ කෲස් මිසයිල මැයි 8 සහ මැයි 22 යන දිනවල නැගෙනහිර මුහුද දෙසට එල්ල කළ බවද වාර්තා වේ.

න්‍යෂ්ටික අවි සහිත රාජ්‍යයක් ලෙස පිළිගැනීමට ඇති කැපවීම අවධාරණය කිරීම සඳහා උතුරු කොරියාව APEC සමුළුවට පෙර හෝ අතරතුර ප්‍රකෝපකාරී මිසයිල අත්හදා බැලීම් දියත් කළ හැකි බවට විශේෂඥයින් අනතුරු අඟවා තිබූ බවන් ඇසෝසියේටඩ් ප්‍රෙස් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...

මූල්‍ය වංචා සහ සූදු ජාවාරම් මෙහෙයවූ පුද්ගලයින් සිව්දෙනෙකුට චීනය විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරය කේන්ද්‍ර කරගනිමින්...

මහජන අවශ්‍යතා මත චීන ණය ගිවිසුම ප්‍රසිද්ධ කරන ලෙස RTIC නියෝග කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, කොළඹ LNW : ශ්‍රී ලංකා රජය...