කොළඹ LNW:එක්සත් අරාබි එමීර් රාජ්‍ය (ඩුබායි) විසින් තෝරාගන්නා ලද දකුණු ආසියානු සහ අප්‍රිකානු රටවල් 09කට වීසා තහනමක් පනවා තිබේ. තාවකාලිකව පනවා ඇති එම වීසා තහනම මඟින් සංචාරක මෙන්ම රැකියා සඳහා පැමිණීම අත්හිටුවා ඇත. සංචාරක ගමනනත්යක් මෙන්ම රැකියා සහ පදිචිය සඳහා ලොව ආකර්ශනීය රටක් ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍ය සැලකෙන අතර ඔවුන් ගත් තීරණයට අනුව තාවකාලික තහනමට ලක්කර තිබෙන රටවලවලට දැනට නිකුත් කර තිබෙන වීසා මත තවදුරටත් එහි රැඳී සිටිය හැකි නමුත් අලුතින් වීසා නිකුත් කිරීමක් සිදු නොවේ.
ඒ අනුව උගන්ඩාව, සුඩානය, සෝමාලියාව, කැමරන්, ලිබියාව, ඇෆ්ගනිස්ථානය, යේමනය, ලෙබනන් සහ බංග්ලාදේශය යන රටවලට උක්ත තහනම පනවා තිබේ.
උක්ත රටවල පවත්නා දේශපාලන අස්ථාවරභාවය සහ ආරක්ෂක තත්ත්වයන් මත ඩුබායිහි ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් මෙන්ම සංක්‍රමණ පාලනය කිරීමත් රාජ්‍ය තාන්ත්‍රික සහ කලාපීය සහයෝගිතාව යන ප්‍රධාන කරුණු මත පදනම්ව වීසා තහනම සිදුකිරීමට තීරණය කර ඇති බව ඊට හේතු දක්වමින් එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
දීර්ඝ වශයෙන් කරන ලද සාකච්ජාවක ප්‍රතිඵලයක් ලෙස එම රටවල වෙත තාවකාලික වීසා තහනම පනවා ඇති අතර එය කොතෙක් කාලයකටද යන්න පිළිබඳවද ඩුබායි රාජ්‍ය නිශ්චිත ලෙස පවසා නැත.
මෙම වීසා තහනම මඟින් වීසා ඉල්ලුම්කරුවන්ට මෙන්ම විශේෂයෙන් රැකියා සපයන ආයතන සමාගම් යම් අභියෝගයකට මුහුණ දෙන නමුත් තවත් පසෙකින් සෙසු දකුණු ආසියානු රටවලට සහ නැගෙනහිර අප්‍රිකානු රටවලට වැඩි අවස්ථාවක් හිමිවනු ඇත. ඒ අනුව එම රටවල වීසා ඉල්ලුම්කරුවන්ට එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත පැමිණීමට වැඩි ඉඩකඩක් හිමි වනු ඇති.
ආරක්ෂාව, දේශපාලන අස්ථාවරබව,කලාපීය මෙන්ම අන්තර්ජාතික සබඳතා,සංක්‍රමණික පාලනය, ශ්‍රම වෙළෙඳපොළේ ඉල්ලුම යනාදී කරුණු මත එක්සත් අරාබි රාජ්‍ය මීට ඉහතදීද මෙවැනිම තාවකාලික වීසා තහනම පනවා තිබේ.
2022දී නයිජීරියාව,2023 දී සුඩානය,2024දී යේමනය සහ ලිබියාව වෙත තාවකාලිකව වීසා නිකුත් කිරීම අත්හිටුවා තිබුණි.
ඩුබායි රාජ්‍ය මෙලෙස තාවකාලික වීසා තහනමක් ක්‍රියාත්මක කරන විට අනෙක් පසින් කටාරය,සෞදි අරාබිය,බහරේනය සහ ඔමානය වෙත රැකියා සඳහා යොමුවීමේ වැඩි නැඹුරුවක් ඇති විය හැකිය.
ආශිකා බ්‍රාහ්මණ