චීනය, එක්සත් ජනපදය අභිබවමින් ජර්මනියේ ඉහළම වෙළඳ හවුල්කරුවා බවට පත් වේ

Date:

සටහන: සශිකලා මධුෂාණි

ඔක්තෝබර් 23: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : 2025 මුල් මාස අට තුළ චීනය ජර්මනියේ විශාලතම වෙළඳ හවුල්කරුවා ලෙස එක්සත් ජනපදය අභිබවා ගොස් තිබේ.

ජර්මානු සංඛ්‍යාලේඛන කාර්යාලයේ මූලික දත්ත වලට අනුව, එක්සත් ජනපදයට ජර්මානු අපනයන සඳහා ඉහළ තීරුබදු පැනවීමත් සමඟ චීනය එහි ප්‍රමුඛස්තානයට පැමිණ ඇති අතර ජනවාරි සිට අගෝස්තු දක්වා චීනය සමඟ ජර්මානු ආනයන සහ අපනයන යුරෝ බිලියන 163.4 ක් (ඩොලර් බිලියන 190.7) වූ අතර, එක්සත් ජනපදය සමඟ වෙළඳාම යුරෝ බිලියන 162.8 ක් ව ඇත.

2024 දී එක්සත් ජනපදය, ජර්මනියේ ඉහළම වෙළඳ හවුල්කරුවා වූ අතර, ජනාධිපති ට්‍රම්ප්ගේ නව තීරුබදු හේතුවෙන් එක්සත් ජනපදයට ජර්මානු අපනයන පහත වැටී ඇති අතර, එය 2024 හා සසඳන විට වසරේ මුල් මාස අට තුළ යුරෝ බිලියන 99.6 දක්වා 7.4% කින් පහත වැටී ඇත. අගෝස්තු මාසයේදී, එක්සත් ජනපදයට අපනයන වසරින් වසර 23.5% කින් පහත වැටී ඇත.

මේ වන විට ජර්මන් මෝටර් රථ, යන්ත්‍රෝපකරණ සහ රසායනික ද්‍රව්‍ය වැනි සම්භාව්‍ය ජර්මානු අපනයන භාණ්ඩ සඳහා එක්සත් ජනපදයේ ඉල්ලුම පහත වැටී ඇති අතර මිට සාපේක්ෂව චීනය මත ජර්මනියේ යැපීම වැඩි වී ඇති අතර චීනයෙන් ආනයන 8.3% කින් ඉහළ ගොස් යුරෝ බිලියන 108.8 දක්වා ඉහළ ගොස් ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුව මේ වෙලාවේ අපි දෙන සංඥා නෙවෙයි ජනතාවගේ පණිවිඩය තේරුම් ගත යුතුයි – නාමල්

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW : ලාල්කාන්ත හිතනවානම් තර්ජනය...

Collect: Acts of Remembering චිත්‍ර ප්‍රදර්ශනය ඇරඹේ! (PHOTOS)

කොළඹ LNW: Collect: Acts of Remembering චිත්‍ර ප්‍රදර්ශනය රිසොම්...

අනුෂ පැල්පිට අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වූ අනූෂ පැල්පිට...

ජනපති අනුරට හිටපු කථානායක කරු ජයසූරියගෙන් ලිපියක්!

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...