ලහිරු මධුශංකට කුසලානය රැක ගැනීමේ අභියෝගය පවරයි

0
236

නිශ්මං රණසිංහ  ඔක්තෝබර් 24,  කොළඹ LNW:

හොංකොං හී දී නොවැම්බර් 7 වන දා සිට නව වන දා දක්වා පැවත්වෙන සය සාමාජික ජාත්‍යන්තර තරගාවලිය නියෝජනය කරන්නට නම් කළ කණ්ඩායමේ නායකත්වය ලහිරු මධුශංකට පවරා ඇත.ලහිරු ඉකුත් වසරේ සූරතාවය දිනා ගත් කණ්ඩායමට ද නායකත්වය දුන් ක්‍රීඩතයා බැවින් එම ක්‍රීඩකයින් සමඟම මෙවරද කණ්ඩායම මෙහෙයවා ශ්‍රී ලංකාව දිනා ගෙන සිටි සූරතාවය රැක ගැනීමේ ක්‍රියාවට නායකත්වය ගන්නැයි ලහිරුටම වගකීම පවරා ඇත.
පහත දැක්වෙන්නේ මෙවර හොංකොං සව සාමාජික තරගාවලිය නියෝජනය කරන්නට නියමිත කණ්ඩායම සහ නම් කර ඇති අතිරේක ක්‍රීඩකයාය.
1.ලහිරු මධුශංක – නායක

  1. ධනංජය ලක්ෂාන්
  2. තනුක දාබරේ
  3. නිමේෂ් විමුක්ති
  4. ලහිරු සමරකෝන්
  5. තරිඳු රත්නායක
  6. සචිත ජයතිලක

අතිරේක ක්‍රීඩකයා – මොවින් සුබසිංහ