ත්‍රීරෝද රථ අනතුරක් – ඇබිනි මවක් ඇතුළු 4කට බරපතළ තුවාල!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW :

වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත්, වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ ගාල්ලේ වංගුව ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙන අතර, අනතුර සිදු වන අවස්ථාවේ දී ත්‍රීරෝද රථ දෙකෙහි කාන්තාවන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් සිව්දෙනෙකු ගමන් කරමින් සිට ඇත.

ඔවුන් සිව්දෙනාම අනතුරින් බරපතල තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලට මාරු කර යවා ඇති බව වාර්තා වේ.

පොලිසිය පවසන්නේ , තුවාල ලැබූවන් අතර ගැබිනි මවක් ද සිටින අතර මෙසේ අනතුරට ලක් වී ඇත්තේ තිස්සමහාරාමය සහ ඔක්කම්පිටිය යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් බවයි.

අනතුර සම්බන්ධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරිවිමර්ශන සිදු කරනු ලබන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...