ආසාදිතයන් තිදෙනෙක් නිසා චීනයේ නගරයකටම අගුළු වැටෙයි !

කොවිඩ් ආසාදිතයන් තිදෙනෙකු හමුවීම නිසා චීනයේ නගරයක්ම ලොක්ඩවුන් කර තිබෙනවා. මෙසේ ලොක්ඩවුන් කර තිබෙන්නේ මධ්‍යම චීනයේ හුනෑන් ප්‍රාන්තයේ යූජෝ නරගයයි.

ඉදිරියේදී එළඹෙන නව වසර සැමරුම සහ බෙයිජිං ශීත ඔලිම්පික් උළෙල හේතුවෙන් චීන බළධාරීන් දැඩි ප්‍රතිපත්ති අනුගමනය කරමින් සිටින අතර මීට පෙර ෂියෑං නගරයද ලොක්ඩවුන් කිරීමට කටයුතු කර තිබිණි.

04 වැනිදා රාත්‍රියේ සිට යූජෝ නගරයේ සියලු කඩ සාප්පු, පාසල් ඇතුළු පොදු ස්ථාන වසාදමා ඇති අතර පොදු ප්‍රවාහන සේවාද සම්පූර්ණයෙන් අත්හිටුවා තිබෙනවා. සියලු නගරවාසීන් නිවෙස් තුළම රැඳී සිටිය යුතු බවටද නියෝග කර තිබේ.

යූජෝ නරගය මිලියන 1.1 ක ජනගහනයකින් සමන්විත වේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2024 AKD, ඊටපස්සේ PKD, දැන් 2026 වෙද්දී BKD, ලබන අවුරුද්දේ MKD – සුගතානන්ද හිමි

ජන අරගල ව්‍යාපාරය කොළඹදී උද්ඝෝෂණය කළේ 2024 ජනාධිපතිවරණ සමයේ...

සෘජු විදේශ ආයෝජන අඩු වෙමින් පැවතීම රටට අහිතකර ලෙස බලපෑම් රැසක් එල්ල කරාවි – විපක්ෂ නායක සජිත්

බංකොළොත්භාවයෙන් ගොඩ එන අප රටේ ඉහළ ආර්ථික වර්ධන වේගයක්...

සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : අපරාධ පරීක්ෂණයක් සඳහා...

Flydubai සහාය ගුවන් නියමුවාගේ ඕස්ට්‍රේලියානු සබඳතා පිළිබඳව පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : Flydubai සහාය ගුවන්...