දකුණු කොරියාවෙන් ට්‍රම්ප්ට රන් ඔටුණු තෑගී ; තීරුබදු අඩු වේ, ඩොලර් බිලියන 350 ක ආයෝජන වේගවත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණි

ඔක්තෝබර් 30: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දකුණු කොරියානු සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස විශාල ආයෝජන රැසක් එක්සත් ජනපදයට ගෙන ඒමට මේවන විට ජනාධිපති ට්‍රම්ප් සමත්ව ඇති බව වාර්තා වේ.

ඉතා උණුසුම් පිළිගැනීමකින් අනතුරුව ට්‍රම්ප්ට රන් ඔටුන්නක් තෑගී කළ දකුණු කොරියාවේ දකුණු කොරියානු ජනාධිපති ලී ජේ මියුන්ග් සමඟ පැවති සබඳතාවන්ගේ ප්‍රතිඵලයක් වශයෙන් දෙපාර්ශ්වයම අන්‍යෝන්‍ය තීරුබදු 25% සිට 15% දක්වා අඩු කර ඇති අතර එක්සත් ජනපදයේ ඩොලර් බිලියන 350 ක ආයෝජන සඳහා එකඟත්වය පළකර ඇති බව වාර්තා වේ.

ඒ අනුව, දකුණු කොරියාව විසින් එක්සත් ජනපදයේ ඩොලර් බිලියන 350 ක් ආයෝජනය කරන අතර, එයට ඩොලර් බිලියන 200 ක මුදල් ආයෝජනයක් සහ ඩොලර් බිලියන 150 ක නාවුක කර්මාන්තය වර්ධනය කිරීම ඇතුළත් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’

සටහන: සශිකලා මධුෂාණී ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1879 ඔක්තෝබර් 22...

සයිබර් ආරක්ෂණ අවදානමක් හේතුවෙන් ලොව පුරා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අක්‍රිය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අන්තර්ජාලයේ...

අඩු පීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...

හූනියම් කරලා ජනපති අනුරව ඝාතනය කිරීමට සැලසුම් කරන භික්ෂූන්ට එරෙහිව පියවර ගන්න – මාලිමාවේ ගීතිකා ආරක්ෂක අංශවලින් ඉල්ලයි

විහාරමහාදේවී උද්‍යානයට රැස්ව සිටින භික්ෂූන් ඇතුළු පිරිසක් යාතුකර්ම, බලි...