කොළඹ LNW:විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය පරදන ‘රටම එකට’ ජාතික මෙහෙයුමේ සමාරම්භය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී මේ වන විට ආරම්භ වී තිබේ.
මත්ද්‍රව්‍ය උවදුර හේතුවෙන් තරුණ ප්‍රජාවගේ මෙන්ම පාසල් දරුවන්ගේ ජීවිත අවදානමට ලක්ව ඇති ආකාරයත්, එය සමාජ ආර්ථික ව්‍යසනයක් බවට පත්ව ඇති ආකාරයත් මෙයින් පෙන්වා දෙන අතර රට තුළ මත්ද්‍රව්‍ය හා පාතාලය මැඬපැවැත්වීමට ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කිරීම, මත්ද්‍රව්‍ය නිවාරණයට වෙනම කාර්යාංශයක් ස්ථාපිත කිරීම, මත්ද්‍රව්‍ය රටට පැමිණීම වැළැක්වීමට නාවික, ගුවන් මාර්ග පරීක්ෂා කිරීමේ පහසුකම් වර්ධනය කිරීම, නවීන උපකරණ දීම සහ නිලධාරීන් පුහුණු කිරීම මෙම වැඩසටහන යටතේ සැලසුම් කර තිබේ.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහන් විධිමත් කර මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඔවුන් මුදාගැනීමට, මත්ද්‍රව්‍ය වැරදිවලට දඬුවම් දැඩි කිරීමට සහ පාසල් දරුවන් දැනුම්වත් කිරීමට අඛණ්ඩ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය විසින් පියවර ගෙන ඇත.
දේශපාලන සහ ආර්ථික කරුණු සම්බන්ධයෙන් විවාද මතු කරගත හැකි නමුත් විෂ මත්ද්‍රව්‍ය උවදුර රටින් තුරන් කර දැමීමේ ජාතික වගකීම ඉටු කිරීමේදී තවදුරටත් කිසිදු විවාදයකට ඉඩක් නොමැති බවත්” විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ කඩිනම් වැඩපිළිවෙළක් වෙනුවෙන් රටම එකට එක් විය යුතු බවයි මීට ඉහතදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කර තිබුණේ.
මේ වනවිට ජාතික ව්‍යසනයක් බවට පත්ව තරුණ ප්‍රජාවගේ මෙන්ම පාසල් දරුවන්ගේ ජීවිත අවදානමට ලක් කර ඇති විෂ මත්ද්‍රව්‍ය ජාවාරම කේන්ද්‍රකර ගනිමින් බොහෝ අපරාධ සිදුවන බවට ද නිරීක්ෂණය වී තිබේ. ඒ අනුව ජාතික මට්ටමේ දේශපාලන නායකත්වය, කාර්යක්ෂම තීරණ ගැනීමේ යාන්ත්‍රණයක් මෙන්ම පුළුල් මහජන සහභාගීත්වයක් සහිතව ජාතික මට්ටමේ වැඩසටහනක් ඔස්සේ එකී විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමිය යුතු බව හඳුනාගෙන ඇත.
එම ජාතික අරමුණ ළඟා කර ගැනීම සඳහා ‘රටම එකට’ ජාතික මෙහෙයුම ක්‍රියාවට නැංවීමට නියමිතයි.
ආශිකා බ්‍රාහ්මණ
