දකුණු කොරියාවේ රැකියා ගැන සුබ ආරංචියක්!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW :

2025 වසරේ, ගතවූ මාස 10 තුළදී දකුණු කොරියාවේ රැකියා සඳහා ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 3,253 දෙනෙකු පිටත්ව ගොස් ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

එම කාර්යංශය පැවසුවේ, දකුණු කොරියාවේ නිෂ්පාදන අංශයේ රැකියා සඳහා සුදුසුකම් ලැබූ තරුණ තරුණියන් 72 දෙනෙකු ඊයේ දිනයේ දකුණු කොරියාව බලා පිටත්ව ගිය අතර එම කණ්ඩායමට තරුණියන් දෙදෙනෙකු ද ඇතුළත් වූ බවයි .

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා දකුණු කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුම අනුව ෑ-9 වීසා කාණ්ඩය යටතේ එම රැකියා අවස්ථා හිමිව තිබේ.

දකුණු කොරියාවේ නිෂ්පාදන, ඉදිකිරීම්, ධීවර හා කෘෂිකාර්මික යන ක්ෂේත්‍රවල රැකියා එමගින් හිමිවන අතර රැකියා අපේක්ෂිතයින් ඔන්ලයින් ක්‍රමයට තෝරාගෙන ඊට අදාල විභාගය ද ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ පැවැත්වෙනු ඇති.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළේ, රැකියා ලාභීන්ට වසර 04යි මාස 10ක කාලයක් දකුණු කොරියාවේ රැඳී සිටීමට අවස්ථාව හිමිවන අතර නියමිත කාලය අවසන්ව මෙරටට පැමිණෙන ශ්‍රමිකයින්ට යළි දකුණු කොරියාවට ඇතුළුවීමට අවසර හිමිවන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: Birria වල රස රහස හැපෙන කටක් ගානේ! Where Slow-Cooked Tradition Meets Street Food Magic

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW): "Birria" 16 වන සියවස...

ලක්ෂ්මන් බාලසූරිය – සරලවම, උසස් පන්තියේ මිනිසෙක්!

සටහන – ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ දෙසැම්බර් 16, කොළඹ (LNW):  මගේ...

උන්මාදය පැත්තකින් තියන්න – මිනිස්සුන්ට ආදරේ කරන්න අහ්මඩ්ලා මොහොම්මඩ්ලා කියා දෙන පාඩම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: මේ මොහොත කියවා ගැනීම...

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...