වැටුණු පසු නැගිටින හැටි ගැන හොඳම පාඩම දකුණු අප්‍රිකාවෙන්

Date:

නිශ්මං රණසිංහ  ඔක්තෝබර් 30,  කොළඹ LNW:

වැටුණු තැනින් නැගිටින්නේ කෙසේද යන පාඩම නැවත නැවතත් අවබෝධ කර දෙමින් දකුණු අප්‍රිකාව මෙවර කාන්තා ලෝක කුසලාන අවසාන තරගයට පිවිසෙන්නට සමත් විය.ඒ එංගලන්ත කණ්ඩායම ලකුණු 125 න් පරාජය කරමින්ය.


දකුණු අප්‍රිකාව තරගාවලිය ආරම්භ කළේ එංගලන්තය ඉදිරියේ ලකුණු 69 ට දැවෙමින්ය.එයින් එංගලන්තය කඩුලු 10 ක ජයක් ලැබීය.එදා පළමු තරගයේදී ලකුණු 5 ට දැවී ගිය ලෝරා වොල්වාර්ඩ්ට් තීරණාත්මක අවසාන තරගයේදී එංගලන්තය හමුවන විට කණ්ඩායමේ නායිකාව ලෙස ද විශ්වසනීයම පිතිකාරිීණිය ලෙස ද කළ යුත්තේ කුමක් ද යන්න හොඳින් අවබෝධ කර ගෙන සිටියාය.කණ්ඩායමේ වගකීම සිය උර මතට ගත් ඇය ඒවා වැඩිහරියක් කවර් ඩ්‍රයිව් සහ ඔන් ඩ්‍රයිව් පහරවලට බර දී මුදා හැරියාය.


අංශක 360 පුරාම තමන් සතු ප්‍රාහාරාත්මක හැකියාව විඳහා පෙන් වූ ලෝරා සිය ශතකය සඳහා පන්දු 115 ක් වැය කළාය.එතැන් සිට ඇරඹුණේ එංගලන්ත පන්දු යවන්නියන්ගේ නරකම දශාවයි.තවත් පන්දු 28 දී ලෝරාගේ පිත්තෙන් ලකුණු 69 ක් ගලා ආවේය.පන්දු 143 දී ලකුණු 169 ක් වූ ලෝරාගේ ඉණිමට ඇතුළත් වූ පහරවලින් හතරක්ම නැවතී තිබුණේ හතරේ සීමාවට ඉහළින් ගොස් පිටතය.හතරේ පහර ද විස්සක් විය.


ටෂ්මින් බ්‍රිට්ස් එහිදී ලෝරාට ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 116 ක සබඳතාවයක් ගොඩ නඟන්නට දායක වූවාය.ඇය පන්දු 65 දී ලකුණු 45 ක් රැස් කළාය.එහෙත් එම කඩුලු සබඳතාවය බිදීමෙන් නොනැවතී තවත් ලකුණු 3 ක් ඇතුළත දකුණු අප්‍රිකානු ලකුණු පූවරුව කඩුලු 3 ට ලකුණු 119 ක් ලෙස පරිවර්ථනය විය.එහිදී ලෝරා ගේ පීඩනය මදකට නිදහස් කර දුන් මැරිසන් කප්, පන්දු 33 දි ලකුණු 42 ක් ලබා ගනිමින් සිව්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 72 ක සබඳතාවයක් ඇති කරන්නට දායක වන්නීය.
ඉනික්බිති ලකුණු 202 වන විට තවත් කඩුලු 2ක් ය.සොෆි එක්ලෙස්ටෝන් නමට පන්දු වාර 10 නිමාවන විට ලකුණු 44 ට කඩුල් 4 ක් වන්නේය.එහෙත් ලෝරා නොසැලී උන්නාය.ඇයට එතැන් සිට යළිත් චොලේ ට්‍රයොන් සමඟ හත්වන කඩුල්ලට ප්‍රවේගකාරී ලකුණු 89 ක සබඳතාවයක් තබන ලෝරා ලකුණු 291 ක් ව තිබියදී දකුණු අප්‍රිකාවේ හත්වන කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් වන්නීය.එතැන් සිට ඉතිරිව තිබූ ඕවර් දෙතට තවත් ලකුණු 28 ක් එකතු කරන්නට ට්‍රෙයෝන් සහ නදිනි ඩි ක්ලාක් සමත් වන්නේ දකුනු අප්‍රිකා ලකුණු පූවරුව කඩුුලු 7 ට ලකුණු 319 ක් බවට පත් කරමින්ය.


පිළිතුරු ඉණිමේදී එංගලන්ත ඉලක්කය 320 කි.එය පහසු නැත.මෙම තරගාවලියේ පළමු හමුවිමේදී තමන්ගේ ලකුණු 69 කිසිඳු කඩුල්ලක් නොදී ලබා ගත් ආරම්භක පිතිකාරියන් වූ ඇමී ජෝන්ස්,ටැමී බියුමන්ට් සහ හෙදර් නයිට් ට දකුණු අප්‍රිකානු ආරම්භක පන්දු යවන්නියන් දෙදෙනා වන මැරිසන් කප් සහ අයාබොන්ගා කාකා කිසිඳු ලකුණක් නොදි පිටියෙන් ඉවත් කිරීමෙන් එංගලන්තයේ අපහසුතාවය තවත් සිය ගුණයකින් ඉහළ නැංගේය.ඉන් කඩුලු දෙකක්ම පළමු පන්දු ඕවර්යේම කිසිඳු ලකුණක් නොඳී දවා ගත් කප්,එංගලන්ත ඉණිමේ කඩුලු 5 ට වගකීවේ ලකුණු 20 ක් පමණක් ලබා දෙමින්ය.


කප් සිය ප්‍රවේගකාරී ඉණිම නිමා කර යළි ක්‍රීඩාගාරයට ගිය මොහොතේ සිට රූපවාහිනි දර්ශනවලදි දුටුවේ දකුණු අප්‍රිකානු මැන්ඩ්ලා මසිම්බි සමඟ පිටියේ පන්දුව හැසිරෙන ආකාරය ගැන සාකච්ඡා කරන අයුරුයි.ඒ අධ්‍යයනය සහ උනන්දුව දරුණු විදිහට එංගලන්තයට එරෙහිව බලපාද්දී එංගලන්ත ස්කිවර් බ්‍රන්ට් (64) සහ ඇලිස් කැප්සේ (50) සිව්වන කඩුල්ලට ලකුණු 107 ක සබඳතාවයක් ඇති කරමින් එංගලන්තය ගොඩ ගැනීමට යම් උත්සාහයක නිරත වෙනවා.එහෙත් සුනේ ලූස් විසින් කැප්සේ දවා ගැනීමෙන් පසුව එංගලන්කය වෙනුවෙන් යම් සාර්ථකත්වයක් පෙන්නුම් කළේ ඩරනී වයිට් හොජ් පමණයි.ඇය ලකුණු 34 ක් ලබා ගන්නට සමත් වෙනවා.
අවසාන තරගයට පිවිසෙන විට දකුණු අප්‍රිකාව ඒ හමුවන කණ්ඩායම කවරෙකු වුවද,ඊට සාර්ථකය මුහුණ දිය හැකි සංයුතියක් සහිතව සිටින බව පැහැදිළියි.විශේෂයෙන්ම ලෝකයේ සිටින පිළිගත් තුන් ඉරියව් ක්‍රීඩිකාවන් වන කැප්,නදිනි මෙන්ම ට්‍රයොන් ද අවශ්‍යයම මොහොතේ සිය කණ්ඩායම වෙනුවෙන් ඉරියන් තුනෙන්ම ක්‍රියාත්මකවීමට සූදානම්ව සිටීමත්,ලෝරා අවසන් තරගයේදී කෙතරම් දුරකට වරදක් නොවන්නට ඇය පාලනය කර ගනීද යන්නත් මත ප්‍රතිවාදී කණ්ඩායමේ ජය හෝ පරාජය තීරණය වනු ඇති.


ලෝරා හැරෙන්නට සෙසු ක්‍රීඩිකාවන් මොහොතට අනුව හැඩය තේරුම් ගැනීමේ යම් අඩුපාඩුවක් පෙන් වුව ද,අවසාන පූර්ව තරගයේදී පෙළ ගැසුණු හැටි සහ තරගයට මුහුණ දුන් හැටි ගැන හිතන විට බොහෝ විට අවසාන තරගයේ ඒ ගැටළු අවම කරගෙන ඇති බව පෙනෙන්නට තිබෙනවා.ඒ නිසා පළමු වරට මෙවර කුසලානය අප්‍රිකානු මහද්වීපය යනු ඇතැයි විශ්වාස කළ හැකියි.
දකුණු අප්‍රිකා එංගලන්ත තරගයේ ලකුණු විස්තරයට පිවිසෙන්න…
https://bit.ly/4qy06zt

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුරාබදු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 05ක් CID අත්අඩංගුවට!

ප්‍රකාශයක් ලබා දීම සඳහා පැමිණි අවස්ථාවේ , සුරාබදු දෙපාර්තමේන්තුවේ...

පොලිස් තනතුරු කිහිපයක් ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30 කොළඹ LNW: ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් පස්...

විෂ මත්ද්‍රව්‍ය ගැන තොරතුරු දෙන්න ක්ෂණික ඇමතුම් අංකයක්

සටහන - රුවන් නෙළුගොල්ල විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන...

Alpha Fire හි නව සභාපතිවරයා ලෙස මේනක අතුකෝරල එක්වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : මේනක අතුකෝරල නව...