කටයි වැඩයි පාලනය කර ගන්න නොදන්න ගම්භීර්

Date:

නිශ්මං රණසිංහ  ඔක්තෝබර් 30,  කොළඹ LNW:

ගෞතම් ගම්බීර් තරමක ආන්දෝලනයට තුඩු දෙන පුද්ගලයෙක්.ඔහු ශ්‍රී ලංකාව ගැනත් කිහිප අවස්ථාවකම අපහාසාත්මක කතා කියා විස්තර විචාරක අට්ටාලයේ වූ ඔට්ටුවකින් පරාජය වී ශ්‍රී ලංකා ධජය රැඟෙන දිවූ ආකාරය මතක ඇති.


ඒ වගේම ඔහු ලෝකයේ බොහෝ තැන්වලදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආදර්ශයට ගෙන වර්ණනා කරන අවස්ථා ද තිබෙනවා.ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් කාලයක සිට වර්ෂා මොහොතක පිටිය ආවරණය කරන්නට පහසුකම් යෙදීම ගැනයි.එසේම එම කාර්යය හරහා තරගය වර්ෂාවෙන් බේරා දීම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩාංගණ සේවකයින් කඩි ගුලක් සේ ක්‍රීයාත්මක වන ආකාරයයි.


කෙහොම නමුත් හොඳ සහ නරකට දෙකටම ගාම්භිර්ගේ කට වගේම වැඩත් බලපානවා.මේ මොහොතේ ඔහු ඉන්දීය ක්‍රිකට් ලෝලීන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක් වෙනවා.ඒ අර්ෂදීප් සිං වෙනුවට ඔස්ට්‍රේලියාවට එරෙහි පළමු විස්සයි විස්ස තරගයට හර්ෂිත් රානා කැඳවීම ගැනයි.


මේ විවේචන ඉතාම දරුණු ඒවා.එහි ගම්බීර් කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට පක්ෂපාතීව මේ තීරණ ගන්න බවටත් චෝදනා එල්ල වෙනවා.ඒ හර්ෂිත් එම කණ්ඩායමේ ක්‍රීඩකයෙකු වෙන නිසයි.එසේම අර්ෂදීප් විස්සයි විස්ස තරග ආකෘතිය තුළ ඉන්දියාවේ සිටින වැඩිම ජාත්‍යන්තර කඩුලුලාභියා වෙනවා.එම වටිනාකම නොසළකා ගෞතම් ගම්ඉීර් කල්කටා කණ්ඩායමට පක්ෂග්‍රාහී වෙමින් සළකන බවට එල්ල වෙන චෝදනාවලදී සමහර සමාජ මාධ්‍යවල පළවෙන දේ අසැබි වදනින් පවා දකින්නට ලැබෙනවා.


මීට එකගවීම සහ අර්ෂදීප් වෙනුවට හර්ෂිත් රානා කැදවීම ගැන හේතු නොදක්වා මුනිවත රකින නායක සූර්ය කුමාර් යාදෙව් ද මෙහිදී විවේචනයට ලක් වෙනවා.ඉන්දියාව වැනි රටක ඇති ක්‍රිකට් උන්මාදය සමඟ ප්‍රවේශම් සහගතව කටයුතු කිරීම වැදගත්.කිසිවෙකුත් තමන්ගේ පෞද්ගලික උවමනාවකට හෝ රුචියකට කටයුතු කර එයින් ඉන්දියාවට අගතියක් සිඳු වුවහොත් ඇතිවන තත්ත්වය ගැන අත්දැකීම් විශාල ප්‍රමාණයක් ඔබත් දන්නවා විය යුතුයි.එවැනි තත්ත්වයකට ඉන්දියාව පරාජය වී සහ හර්ෂිත් අසාර්ථක වීමෙන් පත් වුණොත් ගෞතම් ගම්භීර්ගේ පුහුණුකරු ධූරය වුව සසැලෙන ආකාරයේ මහජන විරෝධයක් මතු විය හැකියි.
මේ සමඟ ඇත්තේ එවැනි විරෝධතා ප්‍රකාශ සමඟ ගාම්බීර්ට එරෙහි මතවාද ගැන පළ කර තිබූ විදේශ මාධ්‍යයක් ඒ වෙනුවෙන් යොදා තිබුණ ඡායාරූපයකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...