එංගලන්ත ලෙජන්ඩ් ඇන්ඩර්සන්ට නයිට් පදවියක්!

Date:

සටහන – පුලී

ඔක්තෝම්බර් 30, කොළඹ (LNW):  එංගලන්තය වෙනුවෙන් මෙතෙක් බිහි වූ ප්‍රමුඛතම ටෙස්ට් කඩුලු ලාභියා වන ජේම්ස් ඇන්ඩර්සන් නයිට් පදවියකින් පිඳුම් ලද බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වසර 22ක ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය තුළ ටෙස්ට් තරග 188කදී කඩුලු 704ක් දවාගත් 43 හැවිරිදි මෙම වේග පන්දු යවන්නාට වින්ඩ්සර් කාසල්හිදී ප්‍රින්සස් රෝයල් විසින් නයිට් පදවිය පිරිනමන ලදී.


ක්‍රිකට් ක්‍රීඩාවට ඔහු කළ මෙහෙය වෙනුවෙන් මෙලෙස ඔහුට නයිට් පදවියකට හිමිකම් කීමට හැකි විය.

ශ්‍රී ලංකාවේ හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් සහ ඕස්ට්‍රේලියාවේ හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක ෂේන් වෝන් ද වැඩිම ටෙස්ට් කඩුලු ලබාගෙන ඇති අයවලුන්ගේ ලැයිස්තුවේ පෙරමුණ ගෙන සිටී.

ඇන්ඩර්සන් 2024 ජූලි මාසයේදී ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගිය නමුත් boyhood club Lancashire වෙනුවෙන් ඔහු දිගටම ක්‍රීඩා කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...

සැලකිලිමත් වන්න – තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...

ආපදා වන්දි ලබා දීමේ ප්‍රගතිය මෙන්න. දිස්ත්‍රික් ලේකම්වරු සහ ජනාධිපති අතර විශේෂ සාකච්ජාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණ තත්ත්වය මත ඇතිවූ ආපදා තත්ත්වයෙන්...

දකුණු බ්‍රසීලයේ ගුවයිබා නගරයේ දැඩි සුළං හේතුවෙන් Liberty replica ප්‍රතිමාවේ අනුරුවක් කඩා වැටේ!

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW):   දකුණු බ්‍රසීලයේ ගුවයිබා...