එංගලන්ත ලෙජන්ඩ් ඇන්ඩර්සන්ට නයිට් පදවියක්!

සටහන – පුලී

ඔක්තෝම්බර් 30, කොළඹ (LNW):  එංගලන්තය වෙනුවෙන් මෙතෙක් බිහි වූ ප්‍රමුඛතම ටෙස්ට් කඩුලු ලාභියා වන ජේම්ස් ඇන්ඩර්සන් නයිට් පදවියකින් පිඳුම් ලද බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වසර 22ක ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය තුළ ටෙස්ට් තරග 188කදී කඩුලු 704ක් දවාගත් 43 හැවිරිදි මෙම වේග පන්දු යවන්නාට වින්ඩ්සර් කාසල්හිදී ප්‍රින්සස් රෝයල් විසින් නයිට් පදවිය පිරිනමන ලදී.


ක්‍රිකට් ක්‍රීඩාවට ඔහු කළ මෙහෙය වෙනුවෙන් මෙලෙස ඔහුට නයිට් පදවියකට හිමිකම් කීමට හැකි විය.

ශ්‍රී ලංකාවේ හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් සහ ඕස්ට්‍රේලියාවේ හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක ෂේන් වෝන් ද වැඩිම ටෙස්ට් කඩුලු ලබාගෙන ඇති අයවලුන්ගේ ලැයිස්තුවේ පෙරමුණ ගෙන සිටී.

ඇන්ඩර්සන් 2024 ජූලි මාසයේදී ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගිය නමුත් boyhood club Lancashire වෙනුවෙන් ඔහු දිගටම ක්‍රීඩා කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිරන්ති 24 FCID කැඳවලා ද? පොලීසිය කියන කතාව!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳවන ශිරන්ති රාජපක්ෂට...

එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාට තනතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ශ්‍රී ලංකා මුස්ලිම්...

නාමල් සැප්. 23 වන දක්වා යළි රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ශ්‍රී ලංකන් ගුවන්...

අනුරාධපුරයේදී අර්චුනා කළ ප්‍රකාශ පිළිබඳව CTID විමර්ශනයක්?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : අනුරාධපුරයේ පැවති ශ්‍රී...