රටම එකට විෂ මත්ද්‍රව්‍ය දුරැලීමේ රාජ්‍ය සේවක ප්‍රතිඥාව මහනුවර දී!

කොළඹ LNW:විෂ මත්ද්‍රව්‍ය පරාජය කරන රටම එකට ජාතික වැඩසටහනට සමගාමීව මහනුවර දිස්ත්‍රික් රාජ්‍ය සේවක ප්‍රතිඥා ලබාදීම මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (30) පැවැත්විණි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති ජාතික වැඩසටහනට සමගාමීව මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිලධාරින් දැනුවත් කිරීමෙන් අනතුරුව ප්‍රතිඥා ලබාදිම සිදුවිය.

මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් නිලූකා බුලත්ගේ මහත්මිය ඇතුලු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී කාර්යය මණ්ඩලය මෙම අවස්ථාව සඳහා එක්වූහ.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...

ඕලුගලගේ තවත් සාර්ථක මෙහෙයුමක් : “මධුවා” ඇතුළු පිරිස අත්අඩංගුවට! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : රුපියල් කෝටි 500කට...

NPPයට ඩයස්පෝරාව අරමුදල් සැපයූවාද? කැබිනට් ප්‍රකාශකගෙන් පිළිතුරු

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ජාතික ජන බලවේගයට...