නිශ්මං රණසිංහ ඔක්තෝබර් 31, කොළඹ LNW:
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට අයත් නැඟී එන රටවල ක්‍රිකට් සංවර්ධනයට දායකවීමේ අරමුණ ඇතිව මැලේසියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලංකාව සමග විස්සයි විස්ස තරග පහකට මුහුණ දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් අවස්ථාව දී ඇත.
මෙම තරග නොවැම්බර් 2 දා ආරම්භ වී නොවැම්බර් 10 දා දක්වා කොළඹ එන්සීසී සහ කෝල්ට්ස් ක්‍රීඩාංගණ කේන්ද්‍ර කර ගනිමින් පැවත්වෙනු ඇත.
නොවැම්බර් 2 පළමු T20 NCC පෙරවරු 10.00 ට ඇරඹේ
නොවැම්බර් 3 දෙවන T20 කෝල්ට්ස් පස්වරු 2.00 ට ඇරඹේ
නොවැම්බර් 5 තෙවන T20 කෝල්ට්ස් පෙරවරු 10.00. ට ඇරඹේ
නොවැම්බර් 7 සිව්වන T20 NCC පෙරවරු 10.00 ට ඇරඹේ
නොවැම්බර් 10 පස්වන T20 කෝල්ට්ස් පෙරවරු 10.00 ට ඇරඹේ
මේ වන විට මැලේසියානු ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණ සිටින අතර මැලේසියාවට එරෙහි ශ්‍රී ලංකා කණ්ඩායමට අලුත් මුහුණු විශාල ප්‍රමාණයක් ඇතුල්වීමට ඉඩ ඇත.ලෝක කුසලාන තරගාවලියේදී පරාජය වීම සඳහා බල පෑ පන්දු රැකීම,කඩුලු අතර දිවීමේ වේගය මදකම නිසා නිලකුණු වැඩි වීම වැනි කාරණා මෙහිදී මඟ හරවා ගැනීමට ලැබෙන අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ද වැදගත්ය.
