ට්‍රම්ප් දේශගුණික අර්බුදය හරිත වංචාවක් බව කියයි; මෙවර COP30 සමුළුව මඟහරියි

Date:

සටහන: සශිකලා මධුෂාණි

නොවැම්බර් 01: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එළඹෙන නොවැම්බර් 10 වන සඳුදා සිට නොවැම්බර් 21බ්‍රසීලයේ පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ දේශගුණික සාකච්ඡා COP30 සඳහා එක්සත් ජනපදය ඉහල මට්ටමේ නියෝජිතයකු නොයවන බව ජනාධිපති ට්‍රම්ප්ගේ පරිපාලනය නිවේදනය කර තිබේ.

පසුගිය දශක තුන තුළ එක්සත් ජනපදය සෑම විටම විවිධ ප්‍රමාණයේ නියෝජිතයින් එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළු සඳහා යොමුකර ඇති අතර මේ තත්වය දේශගුණික අර්බුදය සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පරිපාලනයේ විරෝධය පෙන්වයි.

ජනාධිපති ට්‍රම්ප් දේශගුණික අර්බුදය හරිත වංචාවක් වශයෙන් හඳුන්වා ඇති අතර භයානක ගෝලීය උෂ්ණත්ව වැඩිවීම සීමා කිරීමට රටවල් ඉල්ලා සිටින පැරිස් දේශගුණික ගිවිසුමෙන් එක්සත් ජනපදය ඉවත් වන බවටද පවසා තිබේ.

COP30 යනු 30 වන වාර්ෂික එක්සත් ජාතීන්ගේ දේශගුණික රැස්වීම වන අතර එහිදී රජයන් තවදුරටත් දේශගුණික විපර්යාස සීමා කරන්නේ කෙසේද සහ ඒ සඳහා සූදානම් වන්නේ කෙසේද යන්න සාකච්ඡා කරයි. මෙම සමුළුවේදී ග්‍රහලෝක උණුසුම් කිරීමේ විමෝචනය අඩු කිරීම සඳහා යාවත්කාලීන සැලසුම් රටවල් ඉදිරිපත් කිරීමට නියමිතය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...