ටෙස්ලා කොටස් හිමියන් විසින් එලෝන් මස්ක්ට ඩොලර් ට්‍රිලියන 1 ක වැටුප් පැකේජයක් ගෙවන ලකුණු

Date:

සටහන: සශිකලා මධුෂාණි

නොවැම්බර් 07: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ටෙස්ලා සමාගමේ කොටස් හිමියන් විසින් එහි විධායක නිලධාරී එලොන් මස්ක් සඳහා ඩොලර් ට්‍රිලියන 1ක වැටුප් පැකේජයක් අනුමත කර ඇති බව වාර්තා වේ.

දැනටමත් ටෙස්ලාහි කොටස්වලින් 13%ක් පමණ හිමිකාරිත්වය දරන මස්ක් වෙනුවෙන් කොටස් හිමියන් 75%කට වඩා මෙම තීරණය අනුමත කර ඇති අතර මස්ක්ගේ මෙම මුදල අයර්ලන්තය, ස්වීඩනය සහ ආර්ජන්ටිනාවේ දළ දේශීය නිෂ්පාදිතය ඉක්මවා යනු ඇත.

මෙම ගෙවීම් ප්‍රමාණය විවේචනයට ලක්ව ඇතිමුත්, ටෙස්ලා මණ්ඩලය තර්ක කර තිබුණේ, ඉදිරි දශකය තුළ මස්ක් අ ටෙස්ලා හි වෙළඳපල වටිනාකම ඩොලර් ට්‍රිලියන 1.4 සිට ඩොලර් ට්‍රිලියන 8.5 දක්වා ඉහළ නැංවීම ඇතුළත් වන බැවින් මෙම පැකේජය අනුමත නොකළහොත් මස්ක් සමාගමෙන් ඉවත් විය හැකි බවත්, ඔහුව අහිමි කර ගැනීමට එයට නොහැකි බවත්ය.

බ්ලූම්බර්ග්ගේ බිලියනපති දර්ශකයට අනුව නොවැම්බර් වන විට මස්ක්ගේ ශුද්ධ වටිනාකම ඩොලර් බිලියන 460 ක් වූ අතර එය ලෝකයේ ඉහළම අගය ලෙස වාර්තා කෙරේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුඩානයේ යුද්ධයෙන් පලා යන සිවිල් වැසියන් 24 දෙනෙකු RSF ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ රැපිඩ් සපෝට්...

රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිමය රාමුව:ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම දක්වා!

https://open.spotify.com/episode/4vn7HbqMbUcmcsfv2wTYPG?si=jLxWMLqeSPiUkBZfhHnBeQ ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:යුධමය තත්ත්වයකින් හා සන්නද්ධ අරගලයන්ගෙන් සමන්විත වූ...

TikTok යෙදුමට බාලවයස්කරුවන් ඇබ්බැහි වන සුළුයි: යුරෝපා සංගමය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපා සංගමය විසින්...