ශ්‍රී ලාංකික පවුලක 6දෙනෙකු ඝාතනය කිරීමේ වරදට ෆෙබ්‍රියෝ ඩි-සොයිසා නම් තරුණයාට ජීවිතාත්නය දක්වා සිර දඬුවම්!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW :

කැනඩාවේ ඔටාවා හි නිවසක් තුළ ,පසුගිය 2024 වසරේ දී ශ්‍රී ලාංකික පවුලක 6 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට චෝදනා එල්ල වී සිටි මෙරට ෆෙබ්‍රියෝ ඩි-සොයිසා නම් තරුණායට ජීවිතාත්නය දක්වා සිර දඬුවම් පැනවීමට එරට අධිකරණයක් නියෝග කර තිබේ.

වසර 25ක් කිසිදු සමාවක් නැතිව ඔහු මෙම දඬුවම විදිය යුතු බව, අදාළ නියෝගය ප්‍රකාශ කරමින් දැනුම් දී ඇති බව වාර්තා වේ.

ඉකුත් වසරේදී සිදු වූ මෙම සිද්ධියට අනුව, කැනඩාවේදී තම පවුලේ සමූහ ඝාතනයෙන් දිවි ගලවා ගත් ශ්‍රී ලාංකික පියෙකු පැවසුවේ රැකියාවෙන් නිවසට පැමිණි විට ඔහුගේ බිරිඳ සහ කුඩා දරුවන් හතර දෙනා මරා දමා ඇති බව දුටු බවයි. 34 හැවිරිදි ධනුෂ්ක වික්‍රමසිංහ ද ප්‍රහාරයට ලක් වූ නමුත් සැකකරු යටත් කර ගැනීමට ඔහු සමත් වී තිබුණි. එහිදී ඔහුගේ ඇසට සහ ඔහුගේ එක් අතකට සිදු වූ කැපුම් තුවාලයක් සිදුව රෝහල් ගතකර තිබුණි. එහිදී පවුලේ අය සමඟ ජීවත් වූ 19 හැවිරිදි ශ්‍රී ලාංකික ශිෂ්‍යයෙකුට මෙම මරණ සම්බන්ධයෙන් චෝදනා එල්ල විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිවිල් ක්‍රියාකාරී හා ජනමාධ්‍යවේදියෙකු විසින් CID වෙත ආන්දෝලනාත්මක පැමිණිල්ලක්!

සිවිල් ක්‍රියාකාරී හා ජනමාධ්‍යවේදී කැලුම් අමරසිංහ විසින් අද අපරාධ...

තවත් ප්‍රමාද නොවී විගණකාධිපතිවරයෙක් පත් කරන්න – මුදල් කාරක සභාවේ සභාපති ජනපතිගෙන් ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ තවදුරටත් ප්‍රමාදයකින් තොරව විගණකාධිපතිවරයෙක් පත්කරන ලෙස මුදල් කාරක...

දිට්වා ආපදාවෙන් මහනුවර පුද්ගලයන් එක්ලක්ෂ අසූහය දහසකට පීඩා!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:දිට්වා සුළි කුණාටුව හේතුවෙන්...

Zootopia 2 හි ගැරීගේ ආගමනය සමඟින් නිල් පාට උරගයින්ට චීනයෙන් බේරිල්ලක් නෑලු!

සටහන – පුලී දෙසැම්බර් 24, කොළඹ (LNW):  මෑතකදී කරළියට ආ...