රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW :
ලොව වඩාත්ම විචිත්‍රවත් හා ඉල්ලුමක් ඇති කර්මාන්ත වලින් එකක් වන පිරමිඩ් තේ බෑග් ඇතුළු තේ බෑග් සහ ටැග් නිෂ්පාදනය කරන සහ අලෙවි කරන Flexiprint සමාගම, ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය (CNCI) විසින් කර්මාන්ත අමාත්‍යාංශය සමඟ එක්ව සංවිධානය කරන ලද 2025 ජයග්‍රාහක සම්මාන උළෙලේදී අති විශාල කාණ්ඩය – ජාතික මට්ටමේ නිෂ්පාදන අංශය සඳහා ගෞරවනීය රිදී සම්මානයෙන් පිදුම් ලැබීය.
ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය ජයග්‍රාහක සම්මාන මගින් දේශීය නිෂ්පාදකයින්ගේ කාර්මික විශිෂ්ටත්වය හඳුනා ගන්නා අතර, ගුණාත්මක ප්‍රමිතීන්, ඵලදායිතාව, ආයතනික සැලැස්ම, පර්යේෂණ සහ සංවර්ධනය, සේවක ප්‍රතිලාභ, කම්කරු සබඳතා සහ සමාජීය හා පාරිසරික පාලනය (ESG) යන ක්ෂේත්‍රවල ඇගයීමට ලක් කරන අතරම මෙම කර්මාන්ත තවදුරටත් ඉහළට ළඟා වීමට දිරිගන්වනු ලැබේ.
සම්මාන උළෙල ඔක්තෝබර් 23 වන දින කොළඹ සිනමන් ලයිෆ් හිදී පැවැත්විණි. රටේ අති විශාල නිෂ්පාදන අංශයේ ඉහළම සම්මානලාභීන් 10 දෙනා අතරට ෆ්ලෙක්සිප්‍රින්ට් ද පිළිගැනීමට ලක් විය.
“අඛණ්ඩ තත්ත්ව වැඩිදියුණු කිරීම්, ලෝක මට්ටමේ නිෂ්පාදන පිළිවෙත්, FSSC 22000 V6, ISO 14001:2015, PEFC, සහ SEDEX සාමාජිකත්වය වැනි ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වීම, සුහද සේවා ස්ථාන සබඳතා පවත්වා ගැනීම සහ පාරිසරික, සමාජීය සහ පාලන (ESG) කැපවීම් අනුව දේශීය නිෂ්පාදනය ඊළඟ මට්ටමට ගෙන යාම සඳහා අපගේ කැපවීම අගයමින් මෙම ගෞරවනීය CNCI Achievers සම්මාන ලැබීම අපට ගෞරවයක්” යැයි Flexiprint Ltd හි කළමනාකාර අධ්‍යක්ෂ සතිස් අබේවික්‍රම මහතා පැවසීය.
“ජාතික මට්ටමින් මෙම සම්මාන දිනා ගැනීම කිසිසේත්ම පහසු කාර්යයක් නොවේ. ඒවා සවිස්තරාත්මක සැලසුම් කිරීම, වෙහෙස මහන්සි වී වැඩ කිරීම සහ සමාගම පුරා සිටින සෑම කණ්ඩායමේ සාමාජිකයෙකුගේම කැපවීම සහ අපගේ ගනුදෙනුකරුවන් වසර ගණනාවක් තිස්සේ අප කෙරෙහි තබා ඇති නොසැලෙන විශ්වාසයේ ප්‍රතිඵලයකි,” ඔහු තවදුරටත් පැවසීය.
ශ්‍රී ලංකාවේ ඉහළින්ම පිළිගත් තේ නිෂ්පාදකයින් සහ අපනයනකරුවන්ට අමතරව, Flexiprint හි පාරිභෝගික ජාලය ඩුබායි, රුසියාව, ඊජිප්තුව, සෞදි අරාබිය, ඉරානය, කෙන්යාව, ටැන්සානියාව, සිම්බාබ්වේ, පැපුවා නිව්ගිනියාව, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය දක්වා විහිදෙන අතර, ඔවුන් කාලෝචිත පදනමක් මත උසස් තත්ත්වයේ නිෂ්පාදන සමඟ අඛණ්ඩව සේවය කරයි.

