මෙවර G20 සමුළුව වර්ජනය කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි

Date:

සටහන: සශිකලා මධුෂාණි

නොවැම්බර් 08: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : මෙවර දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට නියමිත G20 සමුළුව තමා වර්ජනය කරන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සඳහන් කර තිබුණේ, දකුණු අප්‍රිකාව විසින් සුදු ජාතීන්ට සලකන ආකාරය අතිශය අමානුෂික වීම හේතුවෙන් ලොව ප්‍රමුඛ පෙළේ සහ නැගී එන ආර්ථිකයන්හි රාජ්‍ය නායකයින් සඳහා වන වාර්ෂික සමුළුව තමා හා සිය රජය වර්ජනය කරන බවයි.

ට්‍රම්ප් පරිපාලනය දිගු කලක් තිස්සේ දකුණු අප්‍රිකානු රජය සුදු ජාතිකයන්ට අමානුෂික ලෙස සලකන බවට චෝදනා කර ඇති අතර දකුණු අප්‍රිකානු රජය පවසා ඇත්තේ, සුදු සුළුතර පාලනයේ වර්ණභේදවාදී ක්‍රමය අවසන් වී දශක තුනකට වැඩි කාලයකට පසුව, රටේ සුදු ජාතිකයින් සාමාන්‍යයෙන් එහි කළු ජාතිකයින්ට වඩා බෙහෙවින් ඉහළ ජීවන තත්වයක් ගෙවන බවත්, ඔවුන් මෙම චෝදනාවන් සම්බන්ධයෙන් පුදුමයට පත්වන බවත්ය.

කෙසේ නමුත් ජනාධිපති ට්‍රම්ප් පසුගිය කාලය තුළ ජාත්‍යන්තරික සම්මේලන කිහිපයක් මගහරිනු ලැබූ අතර හරිත වංචාවක් බව පවසමින් එක්සත් ජාතීන්ගේ දේශගුණික සාකච්ඡා COP30 සඳහා සම්බන්ධ නොවීම ද ජාත්‍යන්තරික වශයෙන් විවේචනයට ලක් විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිතුවමින් ලොව ජය ගත් රටට ඩොලර් ගේන නිහඬ සිත්තරාවී තිළිණි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW : තමන්ගේ ගේ දොර...

“Michael” පොප් ලෝකයේ අමරණීය නැට්ටුක්කාරයාගේ යටගියාව එක් සිනමාංගයකින් 2026 දී!

සටහන – පුලී නොවැම්බර් 09, කොළඹ (LNW):සිනමා විශ්වයන් තිර ආධිපත්‍යය...

අය වැය සහ ක්‍රීඩාව

නිශ්මං රණසිංහ නොවැම්බර් 09,  කොළඹ LNW: ක්‍රීඩාව සම්බන්ධයෙන් මෙවර අයවැයෙන් වෙන්...

බෙකම් එක්තරා අන්දමක චාල්ස් ලෝලියෙක්

නිශ්මං රණසිංහ නොවැම්බර් 09,  කොළඹ LNW: මේ වන විට ක්‍රීඩා නොකළත්,ඩේවිඩ්...