රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW :
තමන්ගේ ගේ දොර වැඩකටයුතු වගේම තම එකම පුතුට පන මෙන්ම ආදරනීය ස්වාමියාට දයාබර බිරිඳක්වූ අද අපේ කතාවේ කතා නායිකාව ඇය නමින් තිළිණි සමරතුංගයි. පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයෙන් අකුරු උගත් ඈ චිත්‍ර කලාවට සහජ දක්ෂතාවයක් උසුලන්නීය.
ඇය තම පළමු රැකියා ජීවිතය ලෙස තෝරා ගන්නේ ගුරු වෘත්තියයි. නමුත් පෞද්ගලික හේතූන් මත ඉන් ඉවත් වූ ඇය ගෘහණියක් ලෙස නිදහසේ ජීවිතය ගලා යාමට ඉඩ දී තිබුණි. නමුත් පසුගිය කොරෝනා වසංගත සමයත් සමඟ නිවෙස් තුළටම කොටුවිමට අප සැමට සිදුවූ අතර, එම කාලයේදී තිළිණිගේ සිත තමන්ගේ යටගිය හැකියාවන් ඉස්මතු කර ගැනීමට මහත් තෝතැන්නක් වී තිබුණි.
සෑම අන්ධකාරයක රිදී රේඛාවක් ඇත යන්න පසක් කරමින් ඇය යළිත් තම සිතුවම් එකින් එක ගොඩනගාගන්නට වෙහෙස වෙන්න කාලය වැය කිරීම ආරම්භ කළේ තමාටත් නොදැනිමයි.
ඇය මේ වන විට එක් චිත්‍රයකින් ආරම්භ කල ඇගේ සිතුවම් කළාව අද වන විට ජාත්‍යන්තරය ජය ගැනීම දක්වා විශාල අඩිතාලමක් සකසාගෙන සිටීම අප රටට මහත් ආඩම්බයක් නොවේද?

තිළිණිගේ අතින් නිමවූ සළු පිළි දවටාගත් ඉන්දිරාජා හස්තිරාජයාගේ හැඩ
ඇය මේ වනවිට , එංගලන්තය, ඔස්ට්‍රේලියාව, ප්‍රංශය ඇමරිකාව, කැනඩාව නෙදර්ලන්තය, අයර්ලන්තය නවසීලන්තය ජපානය චීනයේ , දෝහා , මාලදිවයින, ඇමරිකා එක්සත් ජනපදය වගේබොහෝ රටවල් වලට බොහෝ වාර ගනනක් සිතුවම් යවා ඇති බව පවසන්නේ ඉතාමත් සතුටිණි.
ඇයගේ සිතුවම් අපගේ ශ්‍රී දළදා මාළිඟාව තුළද දක්නට ලැබීම මහත් අභිමානයකි.


.කතරගම පෙරහැරේ වාසනා ඇතා ඒ හස්ති වස්ත්‍රය ණිර්මාණය ඇගේ අතින් සිදුවීම
ඇය මේ වන විට සමාජ මාධ්‍ය හරහා ඇගේ “සංහිඳ The art gallery “ නමින් මුහුණු පොත හරහා ගෙන යන ඇගේ සිතුවම් කලාව සමඟ විශාල ප්‍රේක්ෂක ආදරයක් දිනාගෙන සිටී.
මේ දිග හැරෙන්නේ ඈ මා සමඟ කල ඇගේ කතාවේ සාරාංශයයි...........
" මගේ නම තිළිණි සමරතුංග මුහුණු පොතේ ඔයාලට දකින්න තියෙන සංහිඳ The art gallery නිර්මාතෘ"
ඉස්සර මම වෘත්තියෙන් ගුරුවරියක්. හරිම ආසාවෙන් කැපවීමෙන් කරපු ඒ රැකියාවෙන් පෞද්ගලික හේතූන් මත ඉවත් උනා. ඊට පස්සේ මවක් ගෘහණියක් විදියට ජීවිතේ හරි හෙමින් ගලාගෙන ගියා’.
ඔයාලා දන්නවා කොරෝන කාලේ ජීවිතේ හරි වෙහෙසයි පාලුයි. ඒකාලේ පවුලක් විදිහට අපි විවේකය ගෙවන්න මග ඇරුණු හොඳයි කියල කියන ටෙලි නාට්‍ය යූටියුබ් වලින් බලන්න පුරුදු වුනා. එතකොට බලපු නාට්‍යයක් තමයි තණ මල් විල කොල්ලෙක්..
මම ආසම චරිතේ දීප්ත. ඒ චරිතෙට ආදරේ වෙච්ච මට ඕනි වුණේ එයා වගේ සිතුවම් අඳින්න. ඉතින් ඉස්සර පැත්තකින් තියලා තිබ්බ පින්සල පෑන මම ආයි අතට අරගෙන සිතුවම් අඳින්න පටන් ගත්තා.මම මුලින්ම පටන් ගත්තේ පැන්සල් සිතුවමක් අඳින්නම්. ඒ බිඳුනු බිලින්දා පොතේ පිට කවරේ………
ඒ සිතුවම දැකපු දවසේ ඉඳන් මගේ මහත්තයා අසේල අයියට ඕනේවුනේ නවත්තලා තිබුන ඉස්සර මන් ඇඳපු චිත්‍ර ආයි අඳිනවා බලන්න ඉතින් අද මම මේ ඉන්න තත්වෙට ගේන්න මූලික අඩිතාලම තිබ්බේ එයා පාර පෙන්නුවේ මාව දිරිමත් කළේ එයා. ඉතින් අසේල අයියගෙ වුවමනාවට පටන් ගත්ත ව්‍යාපාරය තමයි සංහිඳ.. හිතේ සිතුවම් අඳින්න තිබ්බ ආසාවට අමතරව සිතුවිල්ලක් ආවා මට මේ චිත්‍ර පිටරටවල් වලටම විකුණලා පුලුවන් නම් ගෙදර ඉදන් ලංකාවට ඩොලර් ගේන්න කියලා . අයියා හැමතිස්සෙම කියපු දෙයක් තමයි සතුටින් ඉන්න දේවල් කරන්න මම සතුටු වෙන ඕනම දෙයක් කරන්න කියලා..ඉතින් ආසාවට , උවමනාවට පටන් ගත්තෙ මුහුණු පොතේ පේජ් එකක් .

ඒ වෙනකොට අසේල අයියා එයාගෙම ව්‍යාපාරයක් පටන් ගන්න අඩිතාලම දමාගෙන තමයි හිටියේ. ඒකෙ නම සංහිඳ Agro . ඒත් මං වෙනුවෙන් මගේ ව්‍යාපාරය වෙනුවෙන් එයා ඒ නම අරගන්න කිව්වා මුහුණු පොතේ පේජ් එකක් පටන් ගත්තට සිතුවම් අඳින්න පුළුවන් උනාට මට පේජ් එකක් කරන හැටි ලොකු දැනුමක් තිබ්බේ නෑ. ඒ හැම දේකටම මට උදව් කලේ මගේ හොඳම යාළුවා ශාලික ලියනගේ.. අදටත් මගේ පේජ් එකේ මට නොතේරෙන තැන් හැමදේම මට කියලා දෙන්නේ එයා..ඒ වගේම මට මුහුණු පොතේ නොදන්න බොහෝ දේ ව්‍යාපාර ගැන නොදන්න බොහෝ දේ කියල දීපු තවත් හරිම සුන්දර යාළුවෙක් තමයි සුජානි ලියනගේ shop99 නිර්මාතෘ.මගේ පුතාගේ ඉස්කෝලේ චිත්‍ර ගුරුතුමිය ඉරොෂිනී ජයරත්නය ඇය හැමදාමත් වගේ මේ ගමනට මට මඟ පෙන්වනවා උපදෙස් දෙනවා . දිරිගැන්වීම් කරනවා. මම සංහිඳ පටන් ගත්ත මුල් කාලෙ මගේ සිතුවම් නිසා අඳුන ගත්ත මුහුණු පොතේ ප්‍රොෆයිල් එකක් තියනවා බිතු සිතුවම් සංරක්ෂණභාරය. එකේ සර්ව මන් කවදාවත් දැකලා නොතිබුනත් උපදෙසක් , මගපෙන්වීමක් ඕනි උන හැමවෙලේම මට උදවු කලා .. සිතුවම් පිලිබඳ ,සිතුවම්කරණය පිලිබඳ නොදත් දේ කියා දෙනවා. ඉතින් ඒ කවදාවත් නොදුටු මගේ ගුරුවරයා..

ඒ වගේ බොහෝම ආදරණීය පිරිසක් සංහිඳ නිසා මාත් එක්ක එකතුවෙලා ඉන්නවා මාව දිරිගන්වනවා
මගෙන්ම මුල්ම සිතුවමක් ඇණවුම් කලේ මගේ ඉස්කෝලෙම මල්ලි කෙනෙක් සිතුවමේ නිමිත්ත වුණේ රාවණා. හරිම ආසාවෙන් භක්තියෙන් ඒ සිතුවම ඇන්දත් සිතුවම ඇඳලා ඉවර කරලා කතාකලා. සිතුවම ගන්න එනවා කිවුවත් එයා ආවේ නැ එයා මගෙන් සිතුවම ගත්තේ නෑ. අදටත් මං ළඟ මුලින්ම ඇඳපු රාවණා සිතුවම තියෙනව . එදා දුක හිතුනත් අද මට සතුටියි එයා ඒක ගත්තේ නැතුවට . මං හිතන්නේ ඒක මගේ ළඟ රැඳෙන්න තිබිච්ච සිතුවමක්. මොකද ඒක මට ආශිර්වාදයක්
මූල්‍ය වටිනාකමක් එක්ක ආපු පළවෙනිම ඇණවුම ආවේ මිථිලා කියලා මිස් කෙනෙක්ගෙන්. මං පේජ් එකට සාම්පල් එකක් විදියට ඇඳපු පළවෙනි සිතුවම දැකල මාව විශ්වාස කරලා මට ඇණවුම ලබාදුන්නා. මම දීපු සිතුවම බලලා එයා හරියට මාව අගය කළා. මට හරි ආදරණියව ආශිර්වාද කළා. එයා මට කිව්වා මට හැමදාම. ලස්සනම සිතුවම් අඳින්න ලැබෙන්න ඕනේ කියලා. දියුණු වෙන්න ඕනි කියලා . ඉතින් ඒ ආදරණීය වචන අදටත් මංගාව , මට හරි ලස්සන ගමනකට මග පෙන්නනවා.

සංහිඳ පටන් ගත්තට පස්සේ දෙවෙනි ඇණවුම ලැබුණේ ඕස්ට්‍රේලියාවෙන් බෙමාලි කියලා මිස් කෙනෙක්ගේ. මගේ පලමු ඇණවුමේ සිතුවම බලලා එයා කැමති සිතුවම මට ඇවිත් බාර දුන්නා . පළමු සිතුවම එයාට යැව්වට පස්සේ එයා ඒක බලලා තවත් සිතුවම් දෙකක් මගෙන් ඇණවුම් කළා . ඒ තමයි ඇය මට තියපු විශ්වාසය.

මේ වෙනකොට මම එංගලන්තය, ඔස්ට්‍රේලියාව, ප්‍රංශය ඇමරිකාව, කැනඩාව නෙදර්ලන්තය, අයර්ලන්තය නවසීලන්තය ජපානය චීනයේ , දෝහා , මාලදිවයින, ඇමරිකා එක්සත් ජනපදය වගේබොහෝ රටවල් වලට බොහෝ වාර ගනනක් සිතුවම් යවලා තියෙනවා. නෙදර්ලන්තයේ තියෙන විදේශීය කාන්තාවකට අයත්වෙළඳ සලකට මගේ සිතුවම් විටින් විට යවනවා. ඇය එක් වරක් ලංකාවට ඇවිත් මව මුණගැහිලම සිතුවම් ලබා ගත්තා. මං දන්නවා මං මගේ පාරිභෝගිකයන්ව ඔවුන්ගේ ඇණවුම් පිලිබඳ සියයට සීයක් තෘප්තිමත් කරනවා කියලා
විවිධ රටවල් වලට වගේම ලංකාවේ බොහෝ පළාත්වලටත් මං සිතුවම් යවලා තියනවා…

” මගේ ජීවිතේ මට ලැබුණු වටිනාම අවස්ථාව වුණේ 2023 වසරේ කතරගම පෙරහැරේ වාසනා ඇතුවෙනුවෙන් හස්ති වස්ත්‍රයක් නිමවන්න අවශ්‍ය ඇඳුම ඩිසයින් කරන්න ලැබිච්ච ඇණවුම. ඒක ලැබුණෙ අපේ ප්‍රදේශයේම ජීවත්වෙන මල්ලි කෙනෙක් මගේ සිතුවම් දැකල මට කතා කරලා. ඒ වගේ ලොකු දෙයක් කරන්න පුංචි බයක් හිතේ තිබ්බත් මට ඒ දේ කරන්න පුළුවන් කියලා මගේ හිතට දිරිය දුන්නේ අසේල අයියා. ඒත් මම එක් ඇණවුම බාරගත්තේ මූල්‍යම වටිනාකමක් නැතුව හිතේ ආසාවට ඒ අත්දැකීම විඳින්න , භක්තියට..
මං පළවෙනියටම ඇඳල දීපු සිතුවමටම එයාලා කැමති වෙච්ච නිසා සම්පූර්ණ ඇඳුම මම ඩිසයින් කළා. එයාල එක එම්බොයිඩර් කරලා දුන්නට පස්සේ ඒක හැඩ දැම්මෙත් මමමයි“
හස්ති වස්ත්‍රිය වැඩ දැමීම මං තනියෙන් කරපු දෙයක් නෙවේ. මාස දහයක් වගේ කාලයක් මගේ යාළුවො එකතුවෙලා අපි හැමෝම හිමි හෙමින් ඒක සැරසුවා එයාල ඇවිල්ලා මම කියන විදිහට මම ආස විදියට ඒක වැඩදැම්මා .කතරගම පෙරහැරේ වාසනා ඇතා ඒ හස්ති වස්ත්‍රය ඇඳපු දවසේ මං හිතුවා මට දෙනෝ දාහක් වඳින වස්ත්‍රයක් සිතුවම් කරන්න ලැබිච්ච එක මගේ පෙර පිනක් කියලා

ඒ ඇඳුමෙ ලස්සන නිසාම ඊළඟ අවුරුද්දෙත් හස්ති වස්ත්‍රයක් පූජා කරන්න ඒ මල්ලි මගේ සිතුවමක් යොදා ගත්තා. ඒ වගේම ඒ අවුරුද්දේ අවසන් මහ පෙරහැරට හස්ති වස්ත්‍ර පූජාව කරන අය ගෙන් ඔහුට ලැබුණු ඇනවුමක් වෙනුවෙනුත් මම හස්ති වස්ත්‍රයක් design කරනවා. මේ සියලුම කාර්ය මම කලේ මුදලට නෙවෙයි.ඒක මගේ සතුට සහ භක්තිය පමණයි.
2025 අවුරුද්ද මට ගොඩාක් විශේෂ අවුරුද්දක් මගේ සිතුවම් දිවියේ මට ලැබුණු සුවිශේෂීම අවස්ථාව තමයි නුවර දළදා පෙරහැරේ පළවන රන්දෝලිය වෙනුවෙන් කරඬුව වැඩමවන ඇතුන් වෙනුවෙන් හස්ති වස්ත්‍ර සඳහා අවශ්‍ය design සිතුවම් කිරීමට ලැබීම.හැමදාමත් වගේ මගේ සිතුවමින් නිමවුණු හස්ති වස්ත්‍රය මගේ හිතේ තියෙන විදිහට ලස්සනට සරසන්න මගේ යාළුවෝ එදා වගේම එකතු වුණාඒක හීනයක් හැබෑවීමක්
මම හිතනවා මම හරිම වාසනාවන්තයි කියලා. ජීවිතේ හුඟාක් ලස්සන අවස්ථාවන් මට ලැබෙනවා
යාළුවො හුඟාක් ඉන්නවා මට උදව් කරන. මං ගොඩක් මහන්සි වෙලා චිත්‍ර අඳිනකොට මහන්සි වෙන්න එපා කියලා බණින මං ගැන හොයලා බලන යාළුවා ගයනි. ඇත් ඇඳුම් හදලා ඉවරවෙලා ලෙඩ වෙනකොට උයා පිහාගෙන ඇවිල්ලා මාව බලන යාළුවා සුමුදු…
ජීවිතය ඕන තැනකදී වැටෙන හැම වෙලාවකම පිටිපස්සෙන් ඉන්න ආදරණීය යාළුවො මට ඉන්නවා………
සිතුවම් ඇඳපු මට හස්තිවස්ත්‍ර නිර්මාණය කරන්න ඉඩ සලසලා දුන්නේ , ඒ උතුම් පින්සාර පූජාවන් වලට හවුල් කරගත්ත ගයශාන් මල්ලිට මං ස්තුති කරනවා පින්සාර මතකයන් මගෙ ජිවිතේට එකතු කලාට…… ..
මගේ ජීවිතේ අද මං මේ කරන දේවල් මාව දන්න කියන අයට හරි පුදුමයක්…

ඒකට හේතුව ජීවිතේ අවස්ථා දෙකකදී මම දරුණු විදිහට අසනීප වෙනවා. ජීවිතය ගැන බලාපොරොත්තු අතහරින්න වෙන තැනටම ඇවිල්ලත් ඒ අවස්ථා දෙකේදිම මම හැමෝම පුදුම කරමින් ආපහු ඇස් අරිනවා. එක තැනකදී ජීවිතය ගැන සියලුම බලාපොරොත්තුව අත හැරලා මට සිද්ධ වෙයි කියලා කියපු කිසිම දෙයක් නොවී දොස්තරවත් පුදුම කරමින් මන් නැගිට්ටා. ඉතින් අදටත් මගේ හිසේ කරපු ශල්‍යකර්ම දෙකකින් පස්සේ හිසේ ජීවිත කාලයටම රැඳිච්ච මැෂින් එකක් එක්ක මන් හිනාවෙලා ඉන්නවා.. අදටත් සමහර අවස්ථාවන්වල දී මම බොහෝ දරුණු වේදනාවන් ඉවස ගන්නවා. ශල්‍යකර්ම වලින් පස්සේ දොස්තරට අනුව මට හුඟාක් දේවල් කරන්න තහනම් වෙනවා. මගේ ජීවිතේ එතනින් පස්සෙ ගොඩක්ම ඇහැ අත එකට මහන්සි වෙන දේවල් මට තහනම්..

ඒත් මගේ හිත සතුටු කරන්න, මට අසනීපයක් තියෙනවා කියන දේ , මට දැනෙන වේදනාවන් අමතක කරන්න කාලයත් එක්ක මම මේ තෝරගත්ත සිතුවම් කලාව මට උදව් වෙලා තියෙනවා. මගේ සියලුම වේදනාවන් දන්න දොස්තර අද මට ඒ වෙනුවෙන් උදව් කරනවා. මට එන වේදනාවන් වලදී එයා ඒවට ප්‍රතිකර්ම යොදලා මං ආස විදිහට මගේ ජීවිතය ගෙවන්න මට පහසුකම් සලසනවා. මගේ ඩොක්ටර් දන්නවා මන් සාමාන්‍ය විදිහට ජිවත් වෙන්න කැමති කියලා අසනීප කියන මාතෘකා ව අමතක කරලා .
මම ආස නෑ මගේ අසනීපය ගැන හිතමින් ඒකට අනුව ජීවත් වෙන්න.ඒ වෙනුවට මම කැමතියි , මම ජීවත් වෙන කාලේ සතුටින් ජීවත් වෙලා, මං ගැන ලස්සන මතකයක් අනික් අයට ඉතුරු කරලා දවසක යන්න .ඉන්න ජීවිත කාලෙ අනුන් මත යැපෙන්නැතුව පිහිට ඉල්ලන්නේ නැතුව මම මගේ වැඩ කරගෙන අනික් අයටත් උදව් වෙලා සතුටින් ජීවත් වෙන්න කැමති කෙනෙක්මට පුළුවන් සිතුවම් අඳිනකොට ඒ ගැන වැඩ කරනකොට එන අපහසුතා අසනීප ඒ සියල්ලම අමතක කරන්න
මම ඒකයි අදටත් මගේ පේජ් එකේ සිතුවමක් ඇන්දට පස්සේ ලැබෙන කස්ටම feedback එකට My happy pills කියලා දාන්නේ. තිත්ත බෙහෙත් ගොඩක් අතරේ අතරෙ ඒක තමයි මගේ සතුටු පෙත්ත.
"සිතුවම් අඳින්න පටන් ගත්ත දවසේ ඉඳන් එක සිතුවමක් ඇඳලා ඉවර වෙනකොට මට ආපහු තව ඇනවුමක් ලැබෙනවා.. සිතුවම් කලාවෙ නියලෙම කෙනෙක්ට ලබන්න පුලුවන් විශේෂම අවස්ථා මට ලැබිලා තියනවා හබා යාමකින් තොරව.. ඉතින් ඒ සතුට ඇති "
සිතුවම් අඳින්න පටන් ගත්ත දවසේ ඉඳන් ඒ සිතුවම් ගත්ත අය මාව recommend කරලා අනිත් අයට අඳුන්වලා දීලා ඒ ලබා දීපු විශ්වාසය, මගේ සිතුවම් පේජ් එකේ දැකලා අදමට මට oders ලැබෙනවා.
ඉතින් මට කියන්න තියෙන්නේ ජීවිතේ අපිට මොන තත්ත්වයක් උදාවුනත් අපි කායිකව දුර්වල වුනත් මානසිකව දුර්වල වුණත් ජීවිතේ අපිට ආපහු නැගිටින්න හයිය තියෙන්න ඕනේ. ඒ හයිය කාටවත් දෙන්න බෑ . ඒක එන්න ඕනේ තමන්ගේ හිත ඇතුලෙන්මයි.අපිට දැනෙන පුංචි අමාරුවත් අපි ටිකක් වැඩිපුර හිතුවොත් අපිට නැගිට ගන්න බැරි තරමට ඒක වැඩි වෙනවා හැබැයි නැගිටින්න බැරි තරම්අමාරු වෙලා ඇඳට වැටිලා හිටියත් අපි හිතේ හයිය තියාගත්තොත් අපිට ඇඳෙන් නැගිටලා කරන්න බැරි දෙයක් නෑ.. මන් ජිවිතේ සතුටින් නැගිට්ටා
එහෙම නැගිටපු කෙනෙක්ගෙ කතාවක් තමයි සංහිඳේ තියෙන්නේ…..
" සංහිඳ කියන්නේ මිනිස්සු තමන්ගේ දුක ගැන කියපූ, ප්‍රාර්ථනා ගැන කියපු දෙවියන් වැඩ හිටපු තැනක් . ඉතින් මගේ දුක නිවපු, මගේ ප්‍රාර්ථනා ඉටුවෙච්ච ,හිත සතුටින් පුරෝන තැනත් සංහිඳ.."

ඒ ඇගේ කතාවේ පෙරවදනයි..
ඍණාත්මක අලස සිතුවිලි ගෑවිලාවත් නැති අපේ කාලේ සිත්තරාවී “තීළිණි” ඔබට තව බොහෝ දේ අපේ මේ පුංචි රට වෙනුවෙන් කළ හැකියි. එ වෙනුවෙන් ඔබේ සිතේ ඇති ශක්තිය සහ ඔබේ ධනාත්මක සිතුවිලි ඔබව තව බොහෝ දුරක් රැගෙන යාවී. අලස කම්මැලි කාන්තාවට ඔබ සැබෑ ආදර්ශයක්ම වේවි..
ඔබ දිනූ ලෝකය තව තවත් විචිත්‍ර වේවා … ඔබ අපේ රටට සැබෑම තිළිණයක්ම නොවේද?
LNW අපෙන් ඔබට සුබ පැතුම් තිළිණි
https://www.facebook.com/share/1PNj6G9rJn
