වවුනියාවට පැමිණි ක්‍රිකට් පන්දු සහ උපකරණ

Date:

නිශ්මං රණසිංහ නොවැම්බර් 10, කොළඹ LNW:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ‘ජාතික ගමන් මඟ‘ වැඩ සටහන යටතේ ශ්‍රී ලංකාව පුරා ක්‍රිකට් ක්‍රීඩා කරනු ලබන අවුරුදු 13 න් පහළ සහ අවුරුදු 19 න් පහළ බාළක සහ අවුරුදු 19 න් පහළ බාළිකා පාසල් තරග සඳහා ක්‍රිකට් පන්දු විසි දෙදහස් හයසූය අසූ හතරක් (22,684) ක් සහ ක්‍රිකට් උපකරණ කට්ටල ප්‍රධානය කිරීමේ ප්‍රධාන උත්සවය කොළඹ දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය ක්‍රියාත්මක කළේය. ඊට සමගාමීව ශ්‍රී ලංකාව පුරා දිස්ත්‍රික් 24 තුළම උපකරණ බෙදා දීම සිඳු වූ අතර මෙහි දැක්වෙන්නේ වව්නියාව දිස්ත්‍රික්කය තුළ එම උපකරණ බෙදා දුන් අයුරුයි.


එම ජාතික වැඩ පිළිවෙලට අනුව අවුරුදු 13 න් පහළ වයස් කාණ්ඩය යටතේ ඉදිරි පාසල් තරග වාරය නියෝජනය කරනු ලබන පාසල් 863 ක් සහ ලෙදර් පන්දුව භාවිතයෙන් ක්‍රිකට් ක්‍රීඩා නොකරන පාසල්වල දක්ෂතා සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සැදුම් ලත් දිස්ත්‍රික් කණ්ඩායම් 37 ක් සඳහා ද වශයෙන් කණ්ඩායම් 900 ක් වෙනුවෙන්ද, අවුරුදු 19 න් පහළ තෙවැනි පෙළ බාළක නියෝජනය කරනු ලබන පාසල් 282 ක් සහ අවුරුදු 19 න් පහළ බාළිකා ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරනු ලබන පාසල් 121 ක් වෙනුවෙන්ද මෙම සමස්ථ පන්දු සංඛ්‍යාව බෙදා දෙනු ලැබීය.

මීට අමතරව අවුරුදු 13 න් පහළ වයස් කාණ්ඩය ක්‍රීඩා කරනු ලබන, එහෙත් බාළක ක්‍රිකට් සඳහා පරිහරණය කරනු ලබන ක්‍රිකට් උපකරණ ඇතුළත් උපකරණ කට්ටල නොලැබුණු පාසල් වෙනුවෙන් සහ දිස්ත්‍රික් කණ්ඩායම් වෙනුවෙන් වන උපකරණ කට්ටල 116 ක් ද මෙදින බෙදා දීමට පියවර ගැනිණ . ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේද සහයෝගය ඇතිව සිදු කරන ලද මෙම පන්දු ප්‍රධානයේදී රතු පන්දුවට අමතරව පළමු පෙළ බාළිකා තරගාවලිය නියෝජනය කරනු ලබන බාලිකා පාසල් 14 කටද සුදු පන්දු 268 ක්ද පිරිනැමිණ. ඒ අනුව දෙවැනි පෙළ බාළිකා තරගවලිය නියෝජනය කරනු ලබන පාසල් 107 ක් වෙනුවෙන් ග්‍රෑම් 142 ක බරකින් යුක්තව වන රතු පන්දු 1268 ක් පිරිනැමිණ.


මෙම අවස්ථාවට උතුරු පළාත් සහ දිස්ත්‍රික් පුහුණුකරුවන්ද සහභාගිව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...