වවුනියාවට පැමිණි ක්‍රිකට් පන්දු සහ උපකරණ

Date:

නිශ්මං රණසිංහ නොවැම්බර් 10, කොළඹ LNW:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ‘ජාතික ගමන් මඟ‘ වැඩ සටහන යටතේ ශ්‍රී ලංකාව පුරා ක්‍රිකට් ක්‍රීඩා කරනු ලබන අවුරුදු 13 න් පහළ සහ අවුරුදු 19 න් පහළ බාළක සහ අවුරුදු 19 න් පහළ බාළිකා පාසල් තරග සඳහා ක්‍රිකට් පන්දු විසි දෙදහස් හයසූය අසූ හතරක් (22,684) ක් සහ ක්‍රිකට් උපකරණ කට්ටල ප්‍රධානය කිරීමේ ප්‍රධාන උත්සවය කොළඹ දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය ක්‍රියාත්මක කළේය. ඊට සමගාමීව ශ්‍රී ලංකාව පුරා දිස්ත්‍රික් 24 තුළම උපකරණ බෙදා දීම සිඳු වූ අතර මෙහි දැක්වෙන්නේ වව්නියාව දිස්ත්‍රික්කය තුළ එම උපකරණ බෙදා දුන් අයුරුයි.


එම ජාතික වැඩ පිළිවෙලට අනුව අවුරුදු 13 න් පහළ වයස් කාණ්ඩය යටතේ ඉදිරි පාසල් තරග වාරය නියෝජනය කරනු ලබන පාසල් 863 ක් සහ ලෙදර් පන්දුව භාවිතයෙන් ක්‍රිකට් ක්‍රීඩා නොකරන පාසල්වල දක්ෂතා සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සැදුම් ලත් දිස්ත්‍රික් කණ්ඩායම් 37 ක් සඳහා ද වශයෙන් කණ්ඩායම් 900 ක් වෙනුවෙන්ද, අවුරුදු 19 න් පහළ තෙවැනි පෙළ බාළක නියෝජනය කරනු ලබන පාසල් 282 ක් සහ අවුරුදු 19 න් පහළ බාළිකා ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරනු ලබන පාසල් 121 ක් වෙනුවෙන්ද මෙම සමස්ථ පන්දු සංඛ්‍යාව බෙදා දෙනු ලැබීය.

මීට අමතරව අවුරුදු 13 න් පහළ වයස් කාණ්ඩය ක්‍රීඩා කරනු ලබන, එහෙත් බාළක ක්‍රිකට් සඳහා පරිහරණය කරනු ලබන ක්‍රිකට් උපකරණ ඇතුළත් උපකරණ කට්ටල නොලැබුණු පාසල් වෙනුවෙන් සහ දිස්ත්‍රික් කණ්ඩායම් වෙනුවෙන් වන උපකරණ කට්ටල 116 ක් ද මෙදින බෙදා දීමට පියවර ගැනිණ . ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේද සහයෝගය ඇතිව සිදු කරන ලද මෙම පන්දු ප්‍රධානයේදී රතු පන්දුවට අමතරව පළමු පෙළ බාළිකා තරගාවලිය නියෝජනය කරනු ලබන බාලිකා පාසල් 14 කටද සුදු පන්දු 268 ක්ද පිරිනැමිණ. ඒ අනුව දෙවැනි පෙළ බාළිකා තරගවලිය නියෝජනය කරනු ලබන පාසල් 107 ක් වෙනුවෙන් ග්‍රෑම් 142 ක බරකින් යුක්තව වන රතු පන්දු 1268 ක් පිරිනැමිණ.


මෙම අවස්ථාවට උතුරු පළාත් සහ දිස්ත්‍රික් පුහුණුකරුවන්ද සහභාගිව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සොහ්රාන් මම්දානිගේ ඇමරිකානු පුරවැසිභාවය රිපබ්ලිකන්වරු ප්‍රශ්න කරයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : නිව්යෝක්හි පළමු...

ආණ්ඩුව ගෙනයන ජනතාව රවටන වැඩපිළිවෙළ අපි 21 වෙනිදා රටට හෙළි කරනවා – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 10, කොළඹ LNW : වසර දහයකට පසු...

සංජය ඈපාගේ ”ආදර සාදය” දැන් ඔබේ දෝතට! (PHOTOS)

කොළඹ LNW:හඬ කැවීම් ශිල්පියකු, කවර නිර්මාණ ශිල්පියකු සහ කවියකු...

නින්දට බම්ඹු ගහගන්න කියලා ජීවිතේ විදින ඈයෙක්! අවුරුදු 60ක් පමණ නිදාගෙන නෑ!

සටහන – පුලී නොවැම්බර් 10, කොළඹ (LNW):  වියට්නාම් යුද්ධයේදී අධික...