රෂිකා හෙන්නායක නොවැම්බර් 10, කොළඹ LNW :
වසර දහයකට පසු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ශ්‍රීලනිප මහගෙදරට එයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ , ජොන්ස්ටන් ප්‍රනාන්දු ඩි වී චානක සංජිව එදිරිමාන්න යන අය අද දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලය වෙත පැමිණියහ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති නිමල් සිරිපාල දුමින්ද දිසානායක ලසන්ත අලගිය වන්න අනුර ප්‍රියදර්ශන යාපා චාමර සම්පත් දසනායක යන අයද මෙම අවස්ථාවට සහභාගි විය.
දෙපාර්ශවය සාකච්ඡාවෙන් පසුව නාමල් රාජපක්ෂ පිටතට පැමිණ අදහස් දක්වමින් කියා සිටියේ, විසිඑක්වෙනදා පැවැත්වෙන විපක්ෂයේ රැළිය පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සාකච්ඡා කළ බවයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ.
‘ වසර ගණනකට පසු යළිත් මෙම ස්ථානයට ඇවිල්ලා අපි සාකච්ඡා කරා ආණ්ඩුව කරන බොරුව රටට හෙළි කරන රැලිය පිළිබද පක්ෂ හැටියට කුමන ප්‍රතිපත්ති තිබුණත් මෙවර විපක්ෂය හැටියට අපි සියලු දෙනා එකට එකතු වෙන්නේ ආණ්ඩුව ගෙනයන ජනතාව රවටන වැඩපිළිවෙළ රටට හෙළි කරන්න විපක්ෂයේ සියලු පක්ෂ සමඟ අපි සාකච්ඡා කරා මේ සඳහා අපි හිතනවා විපක්ෂයේ සියලු දෙනාම සහභාගි වෙයි කියලාඅපි බලමු 21 වෙනිදාට මොකද වෙන්නේ කියලා. ජනාධිපතිවරයා පැය හතරහමාරක් අයවැය කතා කරලා ලබන අවුරුද්දෙත් ඒ පැය හතර හමාරම කතා කරන්න බලාගෙන ඇති. කාලය තුළ කියපු කරපු කිසිම දෙයක් ඉෂ්ට කරල නැහැ කැබ් රථ ගෙන්නන්න කවුද ඉල්ලීම කලේ? කොයි අමාත්‍යංශයෙන්ද ගෙන්නන්නේ.
අපේ මන්ත්‍රීවරු තුන්දෙනාට කැබ් රථ අවශ්‍ය නැහැ ඒ ටික අපි සෞඛ්‍ය අමාත්‍යංශයට දෙනවා මේ අයට ගමට ගිහිල්ලා කියන්න වෙන්නේ අපිට කැබ්රථ ලැබුණා කියලා තමයි. අලගොවියා ලුණු ගොවියා අසරණ වෙලා හාල් මාෆියාව නවත්වන්න ආවේ අද හාල් පිටරටින් ගේනවා. අපි ලග කන්ටේනර් ගෙනාපු අය නෑ ඉඩම් මංකොල්ල කාපු අය නෑ. ලූණු ආනයනය කරපු අය නෑ. හාල් ගෙන්නපු අය නෑ
විසි එක්වෙන වේදිකාවට මේ අය කවුරුත් නැහැ.
මත්කුඩු සම්බන්ධයෙන් මගේ නම හැමතැනම මේ අය පැටළුවා. අන්තිමට ඒක පැලවත්තටම වැටුණා
ආරක්ෂක ලේකම්තුමා පස් දෙනෙක් බාර වෙනවා කියලා කිව්වේ පාර්ලිමේන්තුවේ ඕක කියන්න තිබ්බේ අධිකරණය තුල”
දුමින්ද දිසානායක
“පරණ අය ආවා 21 වෙනිදා තිබෙන අපේ රැළිය පිළිබඳ සාකච්ඡා කරන්න ආණ්ඩුව රටේ ජනතාවට බොරු කියමින් යනවා අපි මේ බොරුව රටට හෙළි කරනවා. අපි මේ වෙලාවේ ඡන්දයක් ඉල්ලන්න නෙමෙයි සූදානම් වෙන්නේ ප්‍රතිපත්ති වශයෙන් අපි විවිධ වුණත් මේ අවස්ථාවේ එකට එකතු වෙන්නේ රටේ ජනතාව වෙනුවෙන් ආණ්ඩුව ගෙනයන මර්දනයට බොරුවට එරෙහිව ආණ්ඩුව පොරොන්දු කිසිවක් ඉෂ්ට නොකර දැන් පළාත් සභා ඡන්දය තියයි ද බලමු. මේ අය එදාට සීයට තුනට ආපහු වැටෙනවා. කාටත් පාරට එන්න එපා කියලා කියන මේ අය තමයි එදා මේ විශ්ව විද්‍යාල තරුණියන්ගේ ඉඳලා සියලු දෙනා පාරට අරන් ඇවිල්ල හැමදේම අපි දෙන්නම් කියලා පොරොන්දු උනේ. ආණ්ඩුව කියනවා අපිව වට්ටන්න බෑ අපි වැටෙන්නෙ නෑ කියලා කවුද දැන් කිව්වේ ඒ අයව වට්ටනවා කියලා අපි වට්ටනවා කියලා කිව්වේ නැහැ. ඒ අය බයට කියනවා අපිව වට්ටන්න බැහැ කියලා“