ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණයට සහ ප්‍රතිචක්‍රීයකරණයට විශේෂ වැඩසටහනක්!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 12, කොළඹ LNW :

ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණයට සහ ප්‍රතිචක්‍රීයකරණයට විශේෂ වැඩසටහනක් බත්තරමුල්ල වෝටර්ස් ඒජ් (waters edge) හිදී කර්මාන්ත සහ ව්‍යවාසයකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්විිණි.

ප්ලාස්ට්ක් අපද්‍රව්‍ය කළමනාකරණ සහ ප්‍රතිචක්‍රීයකරණ ආයතයන්හි , නිෂ්පාදකයින් හා සැපයුම් කරුවන්ගේ සහභාගිත්වයෙන් වැඩසටහන පැවති අතර යුරෝපා සංගමය මෙන්ම තවත් රාජ්‍ය නොවන ආයතන, දේශීය පරිසර හිතකාම් ආයතන රැසක දායකත්වය ද ඒ සදහා හිමි වි තිබුනි.

ප්ලාස්ට්ක් දුෂණය අවම කිරීම සදහා රජය ගෙනයන වැඩපිළිවෙලට අදාලව පරිසර අමාත්‍යාංශය හා ඊට අනුබද්ධ ආයෙතන වල දායකත්වයද වැඩසටහනට හිමි වූ අතර එහිදී දේශණ හා අදහස් හුවමාරු කර ගැනීම ප්‍රවීණයන් විසින් සිදු කරන ලදි.තනි භාවිත ප්ලාස්ටික් ඛාණ්ඩ කිහිපයක් මේ වන විට තහනම් කර ඇති අතර එය පිරිසිදු, හරිත වැඩසටහනක් සඳහා රජයේ කැපවීම සංකේතවත් කරන බවද මෙම අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා අවධාරණය කළේය.

නීති පමණක් ප්‍රමාණවත් නොවන අතර රජයේ හරිත ප්‍රතිපත්ති සදහා ජනතාවගේ සහාය හිමිවන විට ඒ තුලින් සැබෑ පරිවර්තනයක් සිදු කරන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා වූ ජාතික ක්‍රියාකාරී සැලැස්ම යටතේ, ප්‍රතිචක්‍රීකරණ පහසුකම් ගොඩනඟමින් සිටින අතර ඝන සහ කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණය යන අංශ දෙක සඳහා කැබිනට් පත්‍රිකාවකට අනුමැතිය ලබා ගැනීමට ද නියමිතව ඇත.

ලෝකය තුල ප්ලාස්ටික් භාවිතය කළමනාකරණය සහ ප්‍රතිචක්‍රීයකරණය වැඩසටහන් මෙන්ම ඒවා කළමනාකරණය සම්බන්ධයෙන් වන විද්වත් අදහස් අද පැවති වැඩසටහනේදී හුවමාරු වූ අතර ප්ලාස්ට්ක් අපද්‍රව්‍ය කළමනාකරණය සහ ප්‍රතිචක්‍රීයකරණ ආයතන විසින් දියත උයන පරිශ්‍රයේදී ප්‍රදර්ශනයක්ද සංවිධානය කර තිබුන අතර එය නැරඹිම සදහාද සහභාගී විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...