ටේප්බෝල්වලින් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සහ සංචාරක කර්මාන්තයෙන් ටේප්බෝල් ප්‍රවර්ධනය

Date:

නිශ්මං රණසිංහ නොවැම්බර් 12, කොළඹ LNW:

ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්ථානය සහ බංග්ලාදේශය යන රටවල්හි ජනප්‍රිය නළු නිළියන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත “Celebrity Tapeball League 2026” තරඟාවලිය සංචාරක ක්‍රීඩා ක්ෂේත්‍රය (Sport tourism) ප්‍රවර්ධනය කිරීම සහ ටේප්බෝල් (Tapeball) ක්‍රීඩාව ප්‍රචලිත කිරීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති බව නිල වශයෙන් ප්‍රකාශ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණයේ දී සිඳු විය.

ශ්‍රී ලංකා ටේප්බෝල් (Sri Lanka Tapeball – SLT) සහ ඇමරිකාවේ ප්‍රමුඛ ක්‍රීඩා ආයතනයක් වන Super Sixty එක්වී 2026 ආරම්භයේදී ශ්‍රී ලංකාවේ දී මෙම අභ්‍යන්තර තරඟාවලිය පැවැත්වීමට මෙහිදී එකඟත්වය පළ කරන ලදී.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ටේප්බෝල් සභාපති ජනත් පුංචිහේවා, Super Sixty (USA) ආයතනයේ ආරම්භක හා නායක අෂ්හාර් කාස්මි (Azhar Qasmi),පකිස්ථාන ක්‍රිකට් හි පූර්ව නායක මොඉන් ඛාන් (Moin Khan), චිත්‍රපට නළු සඋද් (Saud), ප්‍රසිද්ධ ක්‍රීඩක නබීල් හෂ්මි (Nabeel Hashmi) ශ්‍රී ලංකා ටේප්බෝල් ජ්‍යෙෂ්ඨ උපසභාපති දුමිදු හේමල්, ශ්‍රී ලංකා ටේප්බෝල් ප්‍රධාන ලේකම් රුචිනි ලියනගේ සහභාගී විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉමල්කා උදේශනීගේ ‘සතුටු වතුර ගලා ඇවිත්’ සූම් සංවාදයට

සාහිත්‍යවේදිනී ඉමල්කා උදේශිනීගේ ‘සතුටු වතුර ගලා ඇවිත්’ යොවුන් නවකතාව...

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාට සහ...

ගල් අඟුරු ටෙන්ඩරය ගැන කිසිදු චෝදනාවක් අපිට නෑ. නැව් 7යි ආවේ, ඩොලර් මිලියන 2ක් දඩ ගහලා තියෙනවා – ඇමති වසන්ත

සටහන - රුවන් නෙළුගොල්ල ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් කිසිදු චෝදනාවක්...

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...