එක්සත් රාජධානියේ බිලියනපතියෙකු වන ජෝ ලුවිස්ට ට්‍රම්ප්ගෙන් සමාව

Date:

සටහන: සශිකලා මධුෂාණි

නොවැම්බර් 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ටොටන්හැම් හොට්ස්පර් පාපන්දු සමාජයේ හිමිකාරිත්වය දරන එක්සත් රාජධානියේ කෝටිපති ව්‍යාපාරික ජෝ ලුවිස්ට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් සමාව ලැබී ඇති බව වාර්තා වේ.

ජෝ ලුවිස් 2023 වසරේ අත්අඩංගුවට ගනු ලැබූ අතර සුරැකුම්පත් වංචා දහසයක් සහ කුමන්ත්‍රණ චෝදනා තුනක් සම්බන්ධයෙන් වරදකරු වූ අතර ඔහු 2013 සහ 2021 අතර කාලය තුළ ඔහු ආයතනික මණ්ඩල තොරතුරු වලට අනිසි ලෙස ප්‍රවේශව ඩොලර් මිලියන ගණනක ලාභයක් උපයා ගැනීම හේතුවෙන් වරදකරු විය.

තමා දරුණු වැරැද්දක් කළ බවත්, ඩොලර් මිලියන 5 ක දඩයක් ගෙවූ බවත් ජෝ ලුවිස් පිළිගෙන තිබු අතර ජනාධිපති ට්‍රම්ප් තමාට සමාව ලබා දීමත්, වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට සහ එක්සත් ජනපදයේ සිටින ඔහුගේ මුණුබුරන් සහ මී මුණුබුරන් බැලීමට අවස්තාව ලබා දීම සමබන්ධයෙන් අතිශයින්ම කෘතඥ වන බව සඳහන් කර තිබිණි.

2023 සන්ඩේ ටයිම්ස් පුවත්පත විසින් ලොව ධනවත්ම පුද්ගලයන් සම්බන්ධ ශ්‍රේණිගත කිරීම් වල ජෝ ලුවිස්ට 39 වන ස්ථානය හිමිකර දී ඇති අතර, ඔහු සතු ඇස්තමේන්තුගත වටිනාකම පවුම් බිලියන 5 කට වඩා (ඩොලර් බිලියන 6.4) වැඩි බව කියවේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විකෘති ප්‍රවෘත්ති පළකරන්න ලෑස්ති වෙන්න එපා.ලයිසන් කොන්දේසි බලාත්මක කරනවා – ඇමති නලින්දගෙන් රතු එළි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සියලුම රූපවාහිනී නාලිකා සඳහා බලපත්‍රය ලබා දී...

මඟින් 239 දෙනෙකු සමඟ අතුරුදන් වූ MH370 ගුවන් යානය සෙවීමේ කටයුතු වසර 11කට පසු නැවත අරඹයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 29: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ගුවන් ගමන්...

මාලිමාව කොළඹ මහ නගරසභාවේ අයවැය ජය තහවුරු කරගනී ?

ජාතික ජන බලවේගය කොළඹ මහ නගරසභාවේ අයවැය සම්මත කරගැනීම...

දේශීය කෘෂි කර්මාන්තය වෙනුවෙන් කැපවෙන නිහඬ මිනිසා “ඇලෙක්ස්”

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, කොළඹ LNW: දේශීය කෘෂි කර්මාන්තයේ විවිධ...