(VIDEO) පකිස්තානු ආදරයෙන් අපේ මතකයට …

Date:

නිශ්මං රණසිංහ නොවැම්බර් 14, කොළඹ LNW:

මේ විඩියෝව බලන විට රටක් අසරණ වුණාම පත්වන තත්ත්වය හොඳින් පැහැදිළි කරනවා.ශ්‍රී ලංකාව පකිස්තානය වෙනුවෙන් විශ්වාසය තැබීම මේ මොහොතෙ ඔවුන්ට මහමෙරක් තරම් වටිනවා.
මෙහෙම මෑත කාලීන මතකයක් අපටත් තියෙනවා.ඒ ශ්‍රී ලංකාව බංකොළොත්භාවයේ ගිලී ගිය මොහොත.ඒ අවස්ථාවේදි වාහන තෙල් බිඳක් නැතුව මඟ නැවතුණා.මේ පීඩනය දරාගන්න බැරුව මිනිස්සු පාරට බැස්සා.මාස ගණනක් එක දිගට ගාලු මුවදොරට රැස් වෙච්චි දහස් ගණනක් රට බංකොළොත් කරපු පාලකයන්ට එරෙහිව සටන් කළා.


ලංකාව පය තබන්න නුසුදුසු රටක් හැටියට විශ්වසනීයත්වයෙන් පහළ වැටුණු රටක් හැටියට සළකන්න වගේම අද ආණුඩවේ ඉන්න දේශපාලකයන් විදෙස්ගත ශ්‍රමිකයන් එවන මුදල් ආණ්ඩුවෙ අය හොරා කනවා කියලා මුදල් එවන්න එපා කියලත් ඉල්ලීම් කළා.එහෙම එවන මුදල් ආණ්ඩුවේ දේශපාලකයන්ගෙ අතට යන්නෙ හෝ ඒ මුදල් හොරා ගන්නෙ කොහොමද කියන එක සම්බන්ධයෙන් අදටත් වෙන්නෙ කොහොමද කියලා අදහසක් නැතත් මේ සියල්ල සමඟ රටට විදේශිකයන්ට එන්න බැරුව හිටිය මොහොතක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමක් ලංකාවට ආවම ලාංකිකයන් හැටියට රටම සතුටු වුණා.බැනර් දැම්මා.සමාජ මාධ්‍ය ඇතුළෙ දැන්වීම් පළ කළා.ගාලු මුවදොර අරගල භූමියේ පවා ඔස්ට්‍රේලියාවට ස්තූතිය පළ කළා.


ඒ ඉතිහාසය සිහියේ තබා ගෙන මේ වීඩියෝව දිහා බලන්න.එදා ඔස්ට්‍රේලියාවට අපි ආදරය කළ තරම්ම අද අපට පකිස්තානය ආදරය කරන බව හිතෙන්නෙ නැද්ද?

https://youtu.be/yENEnHVZEbA?si=OEHDNW61EXmdMCZk

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුඩා හා මධ්‍යම පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම් වැසෙන ලකුණු ?

හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් යුත් රජයේ මුදල් කාරක...

Nature’s Best Photography Awards 2025 – ඇස් දකින්න පින් කළ යුතු පරිසරයේ සුන්දරත්වය කාචයෙන්!

සටහන – පුලී නොවැම්බර් 14, කොළඹ (LNW): සෑම වසරකම, 2025...

අපි යන්නේ අරමුණකට. අපිත් එක්ක සෙල්ලම් ගෙවල් හදන්න ලෑස්ති වෙන්න එපා – ටිල්වින්

කොළඹ LNW:ජනතාවට මීට වඩා හොඳ සැපවත්,ප්‍රීතිමත් ජීවිතයක් අත්පත්කර දීම...