රජය ගෙනයන වැඩපිළිවෙලට ස්විට්සර්ලන්තයේ පූර්ණ සහයෝගය!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, කොළඹ LNW :

ශ්‍රීලංකාවේ ස්විට්සර්ලන්ත තාපතිනි සිරි වෝල්ට් (Siri Walt) මහත්මිය සහ අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිල මහතා අතර හමුවක් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශ පරිශ්‍රයෙදී පැවැත්විණි.

ස්විසර්ලන්ත තානාපති කාර්යාලයේ පළමු ලේකම් ජස්ටින් බොයිලට් (Justine Boillat) මහත්මිය ඇතුළු නිළධාරින් පිරිසක් මෙම අවස්තාවට එක්ව සිටියහ. එහිදී ද්විපාර්ශවීය සබඳතා පිළිබඳව ප්‍රධාන වශයෙන් අවධානය යොමු කෙරුණි.

ශ්‍රී ලංකා- ස්විට්සර්ලන්ත පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා ලෙස , ගරු අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිල මහතා ස්විට්සර්ලන්ත රජය කළ නිළ ආරාධනාවකට සැප්තැම්බර් මාසයේ ශ්‍රී ලංකා – ස්විට්සර්ලන්ත පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ දේශපාලන දූත පිරිසක්  සමඟ එරට දේශපාලන ක්‍රමය පිළිබඳ අධ්‍යන චාරිකාවක නිරත වී තිබුණි. එහිදී චාරිකාව පිළිබඳව කන්ඩායම් නායකයා ලෙස ගරු අමාත්‍යතුමන් තානාපතිවරිය සමඟ පසුවිපරුමක් ද සිදු කෙරිණි.

තනාපතිතුමිය වැඩිදුරටත් අදහස් දක්වමින්, රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 2026 අයවැය යෝජනා පිළිබඳව එතුමියගේ ප්‍රශංසාව පලකළ අතර ජනතා අභිලාශයන් ඉටු කිරීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙලට පූර්ණ සහයෝගය ලබාදෙන බවද සඳහන් කළාය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුඩා හා මධ්‍යම පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම් වැසෙන ලකුණු ?

හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් යුත් රජයේ මුදල් කාරක...

Nature’s Best Photography Awards 2025 – ඇස් දකින්න පින් කළ යුතු පරිසරයේ සුන්දරත්වය කාචයෙන්!

සටහන – පුලී නොවැම්බර් 14, කොළඹ (LNW): සෑම වසරකම, 2025...

අපි යන්නේ අරමුණකට. අපිත් එක්ක සෙල්ලම් ගෙවල් හදන්න ලෑස්ති වෙන්න එපා – ටිල්වින්

කොළඹ LNW:ජනතාවට මීට වඩා හොඳ සැපවත්,ප්‍රීතිමත් ජීවිතයක් අත්පත්කර දීම...