අයවැයේදී තොණ්ඩමන් ඇතුළු විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 4 දෙනෙකුගේ සහාය මාලිමාවට

Date:

2026 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් ඊයේ (14) පස්වරුවේ සම්මත විය.

එහිදී අයවැය ට පක්ෂව ඡන්ද 160ක් සහ විරුද්ධව ඡන්ද 42ක් හිමිවූ අතර 8 දෙනෙකු ඡන්දය ලබාදීමෙන් වැළකී සිටියහ.

ඒ අනුව ඒ අනුව වැඩි ඡන්ද 118කින් අයවැය දෙවන වර කියවීම සම්මත විණි.

මෙහිදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ජීවන් තොණ්ඩමන් සහ සමගි ජන බලවේගය නියෝජනය කරන මනෝ ගනේෂන්, රාධා ක්‍රිෂ්ණන්, පලනි දිගම්බරන් යන මන්ත්‍රීවරුන් අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම විශේෂයකි.

අයවැයෙන් වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිකර ඇති හෙයින් තමන් අයවැයට පක්ෂව ඡන්ද භාවිතා කළ බවයි ඔවුන් සඳහන් කළේ.

ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 8 දෙනෙකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පුටින්ගේ නිවසට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළ බවට එල්ල වන චෝදනා යුක්රේනය ප්‍රතික්ෂේප කරයි.

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 30: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: රුසියානු ජනාධිපති...

සජිත් සහ එජාප කිහිප දෙනෙක් අතර විශේෂ සාකච්ජාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:විපක්ෂ නායක සමඟි ජන බලවේගයේ නායක සජිත්...

කොළඹ මහ නගරසභාව : කිත්සිරි රාජපක්ෂ අතුරුදන්. මුදලට විකිණිලාද ?

කොළඹ මහ නගරසභාවේ අයවැය සම්මත කරගැනීම සඳහා හෙට (31)...

පොළොන්නරුව ලෝක උරුම ඇලහැර අමුණට නව පණක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ LNW මහා ගංවතුරෙන්...