වියත් පුරේ ගෙවල් බෙදා ගත්ත හැටි එළියට. යන්න තැනක් නෑ කියපු මහින්දටත් ගෙයක්!

Date:

කොළඹ LNW: වියත්පුර නිවාස ව්‍යාපෘතියේ නිවාස හිටපු මැති ඇමතිවරු ඇතුළු දේශපාලකයින් විසින් බෙදා ගෙන ඇති ආකාරය අද (15) පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.

අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විසින් එම තොරතුරු පාර්ලිමේන්තුවට අනාවරණය කාන ලද අතර නිවාස ලබා ගත් හා අනතුරුව ඒවායේ පදිචිව සිටින දේශපාලකයින් සම්බන්ධයෙන් එහිදී කරුණු හෙළිවිය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද වියත්පුරෙන් නිවසක් ලබාගෙන ඇති අතර නාමල් රාජපක්ෂ වෙතත් නිවසක් පවතින බව අමාත්‍යවරයා සඳහන් කළේය.

කෙසේවෙතත් කුලියට ඉන්නා ඇතමුන් කුලී ගෙවීමක්ද කර නොමැති අතර ජල හා විදුලි බිල් ගෙවීමද පැහැර හැර ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කාන ලදී.

”සමහරු කුලිය ගෙවලත් නෑ. සමහරු ගෙවල්වල යතුරු භාරදීලත් නෑ. අවුරුද්දකට අරන් තිබුණ ලයිට් බිල් වතුර බිල් ගෙවලත් නෑ. ඒ විතරක් නෙවෙයි ගරු සභාපතිතුමනි. මම මේක හොයාගෙන බලාගෙන යනකොට මට අහුවෙනවා ඊයේ පෙරේදා ඉන්න ගෙයක් නෑ කියල කිව්වනේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාටත් වියත්පුර ගෙයක් තියෙනවා. මම කියන්නම් කුලියට ගත් මන්ත්‍රීවරුන්ගේ නාමලේඛනය. B2 09/05අංකය ලබා දී නොමැත මහින්ද රාජපක්ෂ පදිංචි වෙලා ඉන්නේ බොරලැස්ගමුවේ හිටපු නගරාධිපති අරුණ ප්‍රියශාන්ත. B1/0711 මේක තියෙන්නේ නාමල් රාජපක්ෂ පදිංචි වෙලා තියෙන්නේ රේණුක පෙරේරා. B1/09/12 පදිංචි වෙලා තියෙන්නේ චන්දිම වීරක්කොඩි, වෙනත් අයෙක් පදිංචිව සිටියි. B1/8/8 සීතා අරඹේපොළ ලේකම් පදිංචිව සිටියි. B1 6/7 බන්දුල ගුණවර්ධන, ලේකම් කැළුම් පදිංචිව සිටියි. B1/9/10 රවීන්ද්‍ර කුමාර, ලේකම් පදිංචිව සිටියි. B2 /9/1 නිමල් ලන්සා, බියගම ප්‍රාදේශීය සභාවේ සභාපති පදිංචිව සිටියි. B2/8/5 ජගත් කුමාර, මහින්ද කහඳගම පදිංචිව ඉන්නේ. B1 4/11 ගාමිණි ලොකුගේ, හිටපු කැස්බෑව නගරාධිපති ලක්ෂ්මන් පෙරේරා පදිංචිව සිටියි…” යනුවෙන් ප්‍රකාශ කළ අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ කාල වෙලාව නොමැතිකම නිසා සියල්ලම පැවසිය නොහැකි බවයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Colombo Gateway Tower One පැමිණීමත් සමඟ කොළඹ වරාය නගරය නව මාවතක් කරා..

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW : කොළඹ නගරය කලාපීය...

මාලි මාධ්‍ය බලධාරීන් ප්‍රංශ විකාශකයින් දෙදෙනෙකුගේ වැඩ තහනම් කරයි…

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අල්-කයිඩා සම්බන්ධ සන්නද්ධ...

ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් පාරිභෝගික ගුවන් සමාගම් සඳහා ස්වයං-පරීක්ෂා කිරීමේ සේවාවක්….

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW : ශ්‍රීලංකන් ගුවන් සේවයේ...