ජපානයට යාමෙන් වළකින ලෙස චීනය සිය පුරවැසියන්ට උපදෙස් දෙනවිට ටෝකියෝවෙන් හමුදා ප්‍රතිචාරයක් අවශ්‍ය විය හැකි බව ජපානයේ අගමැතිනිය කියයි

Date:

සටහන: සශිකලා මධුෂාණි

නොවැම්බර් 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : චීනයේ විදේශ කටයුතු අමාත්‍යාංශය, ජපානයේ චීන තානාපති කාර්යාලය සහ කොන්සල් කාර්යාලya විසින් සිය පුරවැසියන්ට ජපානයට යාමෙන් වලකින ලෙස උපදෙස් දී තිබේ.

මෙයට හේතු වී ඇත්තේ ජපානයේ නව අග්‍රාමාත්‍යවරිය වන සනේ ටකයිචි විසින් තායිවානය සම්බන්ධයෙන් පැහැදිලිවම ප්‍රකෝපකාරී ප්‍රකාශ නිකුත් කිරීමයි.

පසුගිය නොවැම්බර් 7 වන දින ජපානයේ නව අග්‍රාමාත්‍යවරිය විසින් සිය රටේ ආත්මාරක්ෂාව වෙනුවෙන් ජපන් දූපතේ සිට කිලෝමීටර 100 ක් දුරින් පිහිටි තායිවාන ස්වයං පාලිත දූපතට එරෙහිව සන්නද්ධ ප්‍රහාරයක් දියත් කිරීමට ටෝකියෝවෙන් හමුදා ප්‍රතිචාරයක් අවශ්‍ය විය හැකි බවට ප්‍රකාශ කිරීමත් සමඟ චීනය සමඟ හොඳහිත පලුදු වී ඇත.

චීනය සහ ජපානය ප්‍රධාන වෙළඳ හවුල්කරුවන් වන නමුත් භෞමික එදිරිවාදිකම් සහ මිලිටරි සබඳතා සම්බන්ධයෙන් නිරන්තරයෙන් ගැටළු ඇතිකර ගනියි.

කෙසේ නමුත්, උත්සන්න වන රාජ්‍ය තාන්ත්‍රික ආරවුල නොතකා, ටකයිචි එතැන් සිට තම ප්‍රකාශය ඉල්ලා අස්කර ගැනීමට අදහස් නොදක්වා ඇති අතර මේ හේතුවෙන් චීනය, ජපාන තානාපතිවරයා කැඳවා ඇති අතර 1945 දක්වා ජපානය දශක ගණනාවක් තිස්සේ අත්පත් කරගෙන සිටි තායිවානය තම භූමියේ කොටසක් බවත් පාලනය අල්ලා ගැනීම සඳහා බලය යෙදවීම ප්‍රතික්ෂේප කර නොමැති බවත් බීජිං අවධාරනය කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිස් පරිපාලනය සංජීව ධර්මරත්නට. තවත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරු කිහිපයක්ම වෙනස් කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත...

Colombo Gateway Tower One පැමිණීමත් සමඟ කොළඹ වරාය නගරය නව මාවතක් කරා..

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW : කොළඹ නගරය කලාපීය...

මාලි මාධ්‍ය බලධාරීන් ප්‍රංශ විකාශකයින් දෙදෙනෙකුගේ වැඩ තහනම් කරයි…

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අල්-කයිඩා සම්බන්ධ සන්නද්ධ...

ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් පාරිභෝගික ගුවන් සමාගම් සඳහා ස්වයං-පරීක්ෂා කිරීමේ සේවාවක්….

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW : ශ්‍රීලංකන් ගුවන් සේවයේ...