අඟහරුවාදා සිට දුම්රිය ගාස්තු ඉහළට – අවම ගාස්තුව 20 යි

Date:

ලබන අඟහරුවාදා සිට දුම්රිය ගාස්තු ඉහළ දැමීමට තීරණය කර ඇති බව වාර්තා වේ. ඊට අදාල නීතිමය ක්‍රියාපටිපාටිය මේ වනවිට සකස් කරමින් සිටින බවත්, එම කටයුතු ඉරිදා වනවිට අවසන් වනු ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසනවා.

දැනට ක්‍රියාත්මක සාමාන්‍ය මගී බස් ගාස්තුවෙන් බාගයක් දක්වා දුම්රිය ගාස්තු සංශෝධනය වනු ඇති අතර අවම ගාස්තුව රුපියල් 20 ක් දක්වා ඉහළ යනු ඇත.

ඉන්ධන මිල අධික ලෙස ඉහළ ගොස් ඇති බැවින් දුම්රිය ගාස්තු ඉහළ දැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව අවස්ථා කිහිපයකදී යෝජනා කළ නමුත් ඒ සඳහා අනුමැතිය හිමි නොවීය.

මේ වනවිට බස් ගාස්තු ජනතාවට දරාගත නොහැකි මට්ටමට ඉහළ ගොස් ඇති අතර ඒ නිසා දුම්රිය භාවිතා කරන මගීන්ගේ ප්‍රමාණය ඉහළ ගොස් තිබේ. දුම්රිය ගාස්තු ඉහල දැමීම හරහා ඔවුන් තවදුරටත් දුෂ්කරතාවයට පත්වනු ඇත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පැනමා ඇලේ ප්‍රශ්නය රාජ්‍යතාන්ත්‍රික අර්බුදයක් කරා…

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පැනමා ඇල මාර්ගයේ...

සූර්ය බලශක්තියෙන් රජය කරන්න යන අලුත් වැඩේ!

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, කොළඹ LNW : බලශක්ති අමාත්‍යංශය ඔවුන්ගේ...

USS ඒබ්‍රහම් ලින්කන් යුද නෞකාවට ළඟා වූ ඉරාන ඩ්‍රෝන යානයක් වෙඩි තබා බිම හෙලූ බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 04, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): USS ඒබ්‍රහම් ලින්කන්...

අධ්‍යාපනයේ විශාලතම පරිවර්තනීය යුගය ඇරඹීමට සූදානම් – ජනාධිපති නිදහස් දින සැමරුම අමතමින් කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දැනුමෙන්, සහකම්පනයෙන්, තෙතමනයෙන්, නූතන තාක්ෂණයෙන් යුත් මානව...