විෂ මත්ද්‍රව්‍යට එරෙහිව ජනපති අනුරගේ දැවැන්ත රැලිය අද තංගල්ලේදී

0
808

සටහන – රුවන් නෙළුගොල්ල

විෂ මත්ද්‍රව්‍යට එරෙහි “රටම එකට” ජාතික මෙහෙයුමේ තංගල්ල මහජන රැලිය අද (20) පැවැත්වීමට නියමිත ය.

ඒ අනුව අද පස්වරු 03.00 ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මහජන රැලිය තංගල්ල මහජන ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

විෂ මත්ද්‍රව්‍ය උව­දුර සහ විෂ මත්ද්‍රව්‍ය ජාවා­රම තුරන් කිරීම අරමුණු කරගත් “රටම එකට” ජාතික මෙහෙයුමේ සමාරම්භක උත්සවය පසුගිය ඔක්තෝබර් 30 වනදා කොළඹ සුග­ත­දාස ක්‍රීඩාං­ග­ණ­යේදී පැවැත්විණි.