“ව්‍යාපාර විශිෂ්ඨත්වය සඳහා ඵලදායිතාව” තුළින් තිරසාර අපනයන වෙළඳපලක් බිහිකරමු!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, කොළඹ LNW :

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් “ව්‍යාපාර විශිෂ්ඨත්වය සඳහා ඵලදායිතාව” තේමාව යටතේ විශේෂ වැඩසටහනක් පසුගියදා කොළඹ දී පැවැත්වුණි.

මෙම වැඩසටහනේ අරමුණ වූයේ,

2025/26 ජාතික ඵලදායිතා සම්මාන තරඟාවලිය පිළිබඳව පෞද්ගලික අංශයේ දැනුවත්භාවය වැඩි දියුණු කිරීම, නිෂ්පාදන හා සේවා අංශවලින් වැඩි සහභාගීත්වයක් ඵලදායිතා සම්මාන තරඟාවලිය සඳහා ලබා ගැනීම, ජාතික මට්ටමින් ඵලදායී ලෙස තරඟ කිරීමට ආයතනික ධාරිතාව ගොඩනැගීම හා රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශය අතර සහයෝගීතාව ශක්තිමත් කිරීමයි.

මෙහිදී ප්‍රධාන ලෙස සාකච්ඡාවට භාජනය වූයේ, ජාතික ඵලදායිතා වැඩසටහන සමග ඒකාබද්ධව නිෂ්පාදන සහ සේවා අංශයේ ව්‍යාපාරික පරිවර්තන වේගවත් කල හැකි ආකාරය, මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩි දියුණු කළ හැකි ආකාරය, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික විශිෂ්ටත්වය සහ ගෝලීය තරඟකාරිත්වය කරා යන ගමනේදී ආයතන ප්‍රධානීන් ලෙස තමන්ගේ ආයතන ස්ථානගත කල හැකි ආකාරය පිළිබදවයි.

මෙහිදී අදහස් දක්වමින් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා, කර්මාන්තකරුවන් තම නිෂ්පාදන දේශීය වෙළඳපළ නොව ජාත්‍යන්තර වෙළෙඳපොළ අරමුණු කරගනිමින් නිෂ්පාදනය කළ යුතු බවත් ඒ සඳහා ඵලදායිතා සංකල්පය තම ව්‍යාපාරය සඳහා ආදේශ කර ගැනීම අත්‍යාවශය බව පැවසීය. එසේම ඉදිරි වසර 3 ඇතුළත දේශිය ව්‍යාපාරික ආයතන වල ඵලදායීතාවය අවම වශයෙන් 30%කින් වර්ධනය කර ගැනීමේ සැලැස්මක් රජයට ඇති බවත් ඒ තුළින් තිරසාර අපනයන වෙළඳපලක් නිර්මාණයකර ගැනීමේ හැකියාව දේශිය නිෂ්පාදකයින්ට ලැබෙන බවද ප්‍රකාශ කළේය.

කර්මාන්ත සඳහා හිතකර පරිසරයක් සකස් කිරීම කර්මාන්ත අමාත්‍යාංශය ප්‍රමුඛ අමාත්‍යාංශයට අනුබද්ධ ආයතන විසින් සිදුකරන බවත්, දැනට ලංකාවේ 3.2 % ක් වන ව්‍යවසායකත්ව ප්‍රතිශතය 10% ක් දක්වා වැඩිකිරීම තම අමාත්‍යාංශයේ ප්‍රමුඛතම ඉලක්කය වන බව, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය අදහස් දක්වමින් කියා සිටියාය.

මෙම අවස්ථාවට අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ, ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ නිරංජ ජයකොඩි, නියෝජ්‍ය අධ්‍යක්ෂිකා සුගන්ධිකා ලියනගේ ඇතුළු ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ නිලධාරීන්, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන්, ව්‍යාපාර උපදේශක සංඛ ලක්ෂිත බණ්ඩාර, මධ්‍ය හා මහා පරිමාණ ව්‍යවසායකයින්, මධ්‍ය හා මහා පරිමාණ අංශයේ ඉහළ කළමණාකාරුවන් ඇතුළු පිරිසක් සහභාගි වූ බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වියට්නාමය සහ උතුරු පළාත අතර සහයෝගීතාව වෙනුවෙන් අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ වියට්නාම්...

රැලියට කලින්ම මාලිමාව තංගල්ලේ අයවැය පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි තංගල්ල නගර සභාවේ මංගල...

මිනිස් ජාවාරමට වරදකරු වූ පිලිපීන නගරාධිපතිනියට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීන පුරවැසියෙකු ලෙස...

විගමනික සේවක වෙළඳ ප්‍රදර්ශනයක් අද(20) දියත උයනේදී….

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, කොළඹ LNW : ශ්‍රී ලංකා විදේශ...