පහළ කඩුගන්නාවේ නායයෑම : මරණ සංඛ්‍යාව 6 දක්වා ඉහළට. මුදාගැනීමේ මෙහෙයුම අවසන්

සටහන – රුවන් නෙළුගොල්ල

පහළ කඩුගන්නාව ගනේතැන්න ප්‍රදේශයේ අද (22) පෙරවරුවේ සිදුවූ නායයෑමෙන් විපතට පත්වූවන් මුදා ගැනීමේ මෙහෙයුම් අවසන් කර තිබේ.

මෙම ඛේදවාචකයෙන් මියගිය සංඛ්‍යාව 6 දෙනෙකි. සිද්ධියෙන් තුවාල ලැබූ 4 දෙනෙකු මාවනැල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.

යුද හමුදාව, පොලීසිය ඇතුළු ආරක්ෂක අංශත් ආපදා කළමනාකරණ සහන සේවා කණ්ඩායම් සහ ප්‍රදේශවාසීන් එක්ව සුන්බුන් අතර සිරවී සිටි පුද්ගලයින් මුදවා ගැනීමේ දැවැන්ත මෙහෙයුම සිදුකළහ.

අධික වර්ෂාපතනය හේතුවෙන් අදාළ ප්‍රදේශයේ පවතින අනතුරුදායක තත්වය තුළ නුවර – කොළඹ මාර්ගය පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයෙන් හෙට (23) පස්වරුව දක්වාම වසා තැබෙන බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයා නිවේදනය කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය නිවාරණ ආදර්ශ ගම්මාන සැලසුම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 10, කොළඹ LNW : මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය පාලනය...

කැරපොත්තන් දිල්ලිය වටලයි! අගනුවරට දැඩි ආරක්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: ඉන්දියාවේ ප්‍රධාන...

රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවෙන් අනතුරුව යුක්‍රේනයට නව නායකයෙකු අවශ්‍ය බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: රුසියාව සමඟ...

කළුතර, නාගොඩ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ අවන්හල් හිමිකරුගේ බිරිඳත් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කළුතර, නාගොඩ ප්‍රදේශයේ අවන්හලක් ඉදිරිපිටදී පෙරේදා...