පහළ කඩුගන්නාවේ නායයෑම : මරණ සංඛ්‍යාව 6 දක්වා ඉහළට. මුදාගැනීමේ මෙහෙයුම අවසන්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පහළ කඩුගන්නාව ගනේතැන්න ප්‍රදේශයේ අද (22) පෙරවරුවේ සිදුවූ නායයෑමෙන් විපතට පත්වූවන් මුදා ගැනීමේ මෙහෙයුම් අවසන් කර තිබේ.

මෙම ඛේදවාචකයෙන් මියගිය සංඛ්‍යාව 6 දෙනෙකි. සිද්ධියෙන් තුවාල ලැබූ 4 දෙනෙකු මාවනැල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.

යුද හමුදාව, පොලීසිය ඇතුළු ආරක්ෂක අංශත් ආපදා කළමනාකරණ සහන සේවා කණ්ඩායම් සහ ප්‍රදේශවාසීන් එක්ව සුන්බුන් අතර සිරවී සිටි පුද්ගලයින් මුදවා ගැනීමේ දැවැන්ත මෙහෙයුම සිදුකළහ.

අධික වර්ෂාපතනය හේතුවෙන් අදාළ ප්‍රදේශයේ පවතින අනතුරුදායක තත්වය තුළ නුවර – කොළඹ මාර්ගය පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයෙන් හෙට (23) පස්වරුව දක්වාම වසා තැබෙන බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයා නිවේදනය කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...