McFoil, Mobil, Li Ning, 3M සහ GAC සමඟ ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය ගල්කිස්සට

Date:

නිශ්මං රණසිංහ නොවැම්බර් 24, කොළඹ LNW:

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් (SLB) විසින් 2025 දෙසැම්බර් 17 සිට 23 දක්වා ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේදී පැවත්වීමට සූදානම් කර ඇති 73 වන ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය සඳහා අයදුම්පත් කැදවීම ආරම්භ කර තිබේ. දේශීය බැඩ්මින්ටන් ක්‍රීඩාවේ ප්‍රභූත්වයේ සැළකෙන අනුග්‍රාහකත්වයන් වන McFoil, Mobil, Li Ning, 3M සහ GAC මෙම තරගාවලියට ද අනුග්‍රාහකත්වයෙන් දායක වන අතර SLB විසින් සංවිධානය කර මෙහෙයවනු ලබන රටේ ප්‍රධාන දේශීය බැඩ්මින්ටන් ඉසව්ව වන මෙම තරගාවලිය අඛණ්ඩව දින හතක් ගල්කිස්සේදී පැවැත්වෙන අතර, විවිධ කාණ්ඩ යටතේ රටේ ඉහළම ශ්‍රේණිගත කිරීම් හී සිටින සියළු ක්‍රීඩකයින්ගේ ඉහළ සහභාගීත්වයක් අපේක්ෂා කෙරේ.

මෙවර තරගාවලිය සඳහා සියලුම කාණ්ඩවල අයදුම්පත් සංඛ්‍යාව 1250 ඉක්මවනු ඇතැයි SLB අපේක්ෂා කරයි. 2025 73 වන ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය සඳහා අයදුම්පත් දැන් SLB විසින් පිළිගනු ලබන අතර දෙසැම්බර් 9 වන දින දහවල් එය අවසන් කිරීමට නියමිතය. දෙසැම්බර් 12 වන දිනට SLB ශ්‍රේණිගත කිරීම මත පදනම්ව ප්‍රධාන තරග සටහන වෙනුවෙන් ශ්‍රේණිගත කිරීම තීරණය කරනු ලැබේ. එය දෙසැම්බර් 14 වන දින කොළඹ 7, මේට්ලන්ඩ් පෙදෙසේ අංක 28 හි පිහිටි ශ්‍රී ලංකා බැඩ්මින්ටන් (SLB) මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතය. එම කටයුත්ත BWF තරඟාවලි මෘදුකාංගය හරහා පවත්වනු ලබන අතර, SLB හි ෆේස්බුක් පිටුවේ සහ වෙබ් අඩවියෙන් සජීවීව නැරඹිය හැකිය.

සියලුම විස්තර සහ ලේඛන ලබා ගත හැකි www.srilankabadminton.lk වෙබ් අඩවියට පිවිසීමෙන් අයදුම්පත් මාර්ගගතව ඉදිරිපත් කළ හැකිය. වැඩිදුර පැහැදිලි කිරීම්, සහාය හෝ තාක්ෂණික සහාය සඳහා SLB විසින් හිමාෂා චතුර්යා මහත්මිය සම්බන්ධ කර ගැනීමට අවස්ථාය සළසා ඇති අතර, කාර්යාල වේලාවන් තුළ 0740121846 අංකයෙන් ඇය හා සම්බන්ධ විය හැකිය. 2025 73 වන ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියේ සියලුම විස්තර SLB වෙබ් අඩවියේ දැක්වීමට කටයුතු සකසා ඇත.

මෙම ශූරතාවලියේ කනිෂ්ඨ කාණ්ඩයේ 11න් පහළ සිට 19න් පහළ දක්වා සහ ජ්‍යෙෂ්ඨ කාණ්ඩයේ 30න් ඉහළ සිට 70න් ඉහළ දක්වා මෙන්ම 100+, 110+ සහ 120+ යන ඒකාබද්ධ වයස් කාණ්ඩවල ඉසව් රාශියක් ඇතුළත් වේ. කෙසේ වෙතත්, පිරිමි සහ කාන්තා කේවල, යුගල සහ මිශ්‍ර යුගල ඇතුළත් විවෘත ඉසව් මෙම මහා වාර්ෂික ඉසව්වේ ප්‍රධාන ස්ථානය ගනී.

සමාරම්භක උත්සවය දෙසැම්බර් 17 වන දින පැවැත්වෙන අතර, ඉන් පසුව මූලික වටයන් පැවැත්වෙන අතර, දෙසැම්බර් 19 වන දින සිට 16 දෙනාගේ වටය සහ අර්ධ අවසන් පූර්ව වටය සමඟ උච්චතම අවස්ථාව දක්වා දිව යන තරගාවලියේ තෝරාගත් ප්‍රධානතම අවසන් මහා තරඟ දෙසැම්බර් 23 වන දින පැවැත්වීමට නියමිත අතර, එදින ප්‍රධාන ජයග්‍රාහකයින්ට ජය සංඛේත ප්‍රදානය සමඟින් තරගාවලිය කූටප්‍රාප්තියට එළැඹ සමාප්තිට සටහන් කිරීමට නියමිතය.

පසුගිය සංස්කරණයේදී, SLB ආයතනයට අතිවිශාල ඇතුළත් කිරීම් සංඛ්‍යාවක් ලැබුණු අතර, එය පෙර වසරවලට වඩා පැහැදිලි ප්‍රගතියකි. ඔලිම්පික් ක්‍රීඩක විරේන් නෙත්තසිංහ සහ රනිත්මා ලියනගේ වත්මන් සූර සූරියන් වන අතර 73 වන වරට පැවත්වෙන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියේදී ඉකුත් වසරේ තරගකරුවන් සංඛ්‍යාව ඔවුන් දෙදෙනාද සමඟව මෙම වසරේදී ඉක්මවා යනු ඇතැයි SLB අපේක්ෂා කරයි.

තරඟාවලියේ සෑම ඉසව්වකම ජයග්‍රාහකයින්, අනුශූරයින් සහ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූවන් සඳහා කුසලාන, පදක්කම් සහ සහතිකපත් වලට අමතරව, ඇතුළත් කිරීම් ගණන අනුව සියලුම ඉසව් සඳහා රුපියල් මිලියන 2 ක මහා ත්‍යාග මුදලක් පිරිනමනු ලැබේ. තරඟාවලි සංවිධායකයින් විසින් ගනු ලැබූ තීරණයට අනුව, කනිෂ්ඨ ජයග්‍රාහකයින්ට ත්‍යාග මුදල වෙනුවට සුදුසු තෑගි ලැබෙනු ඇත. BWF රෙගුලාසි වලට අනුකූලව පවත්වනු ලබයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වයස අවු. 16 ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනමක් ක්‍රියාත්මක කිරීමට ඕස්ට්‍රේලියාව සූදානම්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඕස්ට්‍රේලියාවේ යොවුන් වියේ...

BYD අනුග්‍රහයෙන් ශ්‍රී ලංකාවේ පුවත්පත් කතුවරුන්ට චීනයේ සුපිරි සැලකිලි !

BYD සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ පුවත්පත් ඇතුළු ජනමාධ්‍ය...

ඇමරිකානු ශ්‍රීලංකා සහයෝගීතා හමුවක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 24, කොළඹ LNW : පාර්ලිමේන්තු සංකීර්ණයේදී ,...

කඩුගන්නාවේ තත්ත්වය බරපතලයි.ආණ්ඩුවේ තීරණය මෙන්න!

කොළඹ LNW:කඩුගන්නාව සිදුවීම හේතුවෙන් වස දමා තිබෙන කොළඹ නුවර...