හඬ පටය ගැන පරීක්ෂණයක් ඉල්ලා ඇමතිගෙන් CID යට පැමිණිල්ලක්!

Date:

කොළඹ LNW:සමාජ මාධ්‍යය තුළ සංසරණය වන හඬ පටය සම්බන්ධයෙන් අද (26) අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

සහල් කන්ටේනර් පහක් වරායෙන් නිදහස් කර ගැනීමට නොහැකි වීමේ සිද්ධියක් පාදක කරගෙන සිදුවූ කතාබහක් විකෘති කර යූ ටියුබ් වෙත මුදාහැර ඇති බවට අමාත්‍යවරයා පවසයි.

අදාළ සහල් කන්ටේනර් පහක් නිදහස් කරගැනීමට නොහැකි නිසා රජයේ භාරයට ගන්නා ලෙස අදාළ පුද්ගලයා පැවසූ බවත් ඒ සම්බන්ධයෙන් තමන් රේගුවෙන් කළ සොයා බැලීමේදී අනාවරණය වූයේ එම තැනැත්තා පවසන පරිදි එම සහල් ජනතාවට නොමිලේ බෙදා දිය නොහැකි බවත් යන්න අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම එම සහල් ආනයන බලපත්‍රයක් නොමැතිව ගෙන්වා ඇති හෙයින් එය රාජසන්තක කිරීමට සිදුවන අතර නොමිලේ බෙදා දිය හැක්කේද රාජසන්තක කිරීමෙන් පසුව වන බව තමන් අදාළ පුද්ගලයාට පැහැදිලි කළ බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

එපමණක් නොව එසේ රාජසන්තක කර නොමිලේ බෙදා දුන්නද වරාය ගාස්තු වන රු. මිලියන 8.4 අදාළ තැනැත්තාට ගෙවීමට සිදුවන බව තමන් පැවසූ බව හදුන්නෙත්ති අමාත්‍යවරයා සිද්ධිය සම්බන්ධයෙන් පැහැදිලි කරමින් මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

කෙසේවෙතත් චිතනාන්විතවම තමන්ගේ චරිතය ඝාතනය කිරීමට උත්සහ කර ඇත්ද යන්න පිළිබඳ සොයා බැලිය යුතු වන බව අමාත්‍යවරයා කියා සිටියේය.

ඒ අනුව අදාළ පුද්ගලයාගේ අභිලාශය කුමක්ද යන්න තමන් නොදන්නා අතර ඔහුගේ සහල් නිදහස් කරගැනීමට නොහැකිව වීම නිසා අදාළ කතාබහ චේතාන්විතව තමන් අපහසුතාවට පත් කිරීමට යූ ටියුබ් වෙත දුන්නාද යන්නත්, ඔහුගේ අභිලාශය කුමක්ද යන්නත්, සහල් ආනයනය කළ ක්‍රමය වැරදි නම් ඒ ගැනද පරික්ෂා කළ යුතුවන හෙයින් මෙම සියලු කරුණු අනවරණය කරගැනීම වෙනුවෙන් තමන් පැමිණිල්ල සිදුකළ බව අමාත්‍යවරයා කියා සිටියේය.

මෙලස දියත් වන්නේම ආණ්ඩුවේ ගමන කකුලෙන් අදින සැලැස්මක් වන අතර මඩ ගසා, අවලාද නගා, චරිත ඝාතනය කර වැට්ටවිය හැකි පුද්ගලයින් නොවන බව ද එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නුවර – නුවරඑළිය ප්‍රධාන මාර්ගය ගැරඬිඇල්ල ප්‍රදේශයෙන් වසාදැමේ

සටහන - රුවන් නෙළුගොල්ල මහනුවර - නුවරඑළිය ප්‍රධාන මාර්ගය ගැරඬිඇල්ල...

හැඩ ඔය ද්‍රෝණිය සහ කුඹුක්කන් ඔය ආශ්‍රිතවත් ගංවතුර අනතුරු හැඟවීම්

සටහන - රුවන් නෙළුගොල්ල හැඩ ඔය ද්‍රෝණියේ මොනරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව...

ජනාධිපති කියපු විනිවිදභාවය බොරුවක් – මුජිබර්ගෙන් චෝදනා

කොළඹ LNW: විනිවිදභාවය, පාරදෘශ්‍යභාවය ගැන ජනාධිපතිවරයා කතා කළද එලෙස...

කඳු නැගීමේ මාර්ගෝපදේශකයකුත් Aoraki – Mount පහළට ඇදවැටී ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 26, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Aoraki – Mount ...