සමාජය නොමඟ යවන සුළු සාවධ්‍ය තොරතුරක් ගැන රජයෙන් දැනුවත් කිරීමක්!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 26, කොළඹ LNW:

සමාජය නොමඟ යවන සුළු තොරතුරක් ගැන රජයෙන් දැනුවත් කිරීමක් කරයි.

“ඒ, කෙහෙළියගේ කාලයේ ගෙන්වු අක්ෂි දියරයේ ගැටලුවක් නැහැ – සෞඛ්‍ය අමාත්‍යංශය කියයි” මැයෙන් වු පාඨකයා නොමඟ යවන සුළු අර්ථගැන්වෙන ශීර්ෂයක් සහ කරුණු ඇතුළත් දිනපතා පුවත්පතක පළ වී ඇති ප්‍රවෘත්තිය සහ මේ දිනවල ඉහත කරුණට අදාලව සමාජය මාධ්‍යවල ප්‍රචාරය වන ප්‍රවෘත්තිය සම්බන්ධයෙනි.


ඒ අනුව,” කෙහෙළියගේ කාලයේ ගෙන්වු අක්ෂි දියරයේ ගැටලුවක් නැහැ – සෞඛ්‍ය අමාත්‍යංශය කියයි” යන ශීර්ෂය යටතේ පළ කර ඇති ප්‍රවෘත්තියේ ශීර්ෂ පාඨය සම්පුර්ණයෙන් පාඨකයා නොමඟ යවන සුළු ශීර්ෂයන් සහ කරුණු ඇතුළත්ව අද (26) දිනපතා පුවත්පතක පළ වී ඇති ප්‍රවෘත්තිය සහ ඉහත කරුණු පදනම් කරගෙන සමාජ මාධ්‍යවල ප්‍රචාරය වන ප්‍රවෘත්ති පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශයේ දැඩි අවධානය යොමු වී ඇත.


අදාළ ප්‍රවෘත්ති වල සහ සමාජ මාධ්‍ය පිටුවල පළ වී ඇති “කෙහෙළියගේ කාලයේ ගෙන්වු අක්ෂි දියරයේ ගැටලුවක් නැහැ – සෞඛ්‍ය අමාත්‍යංශය කියයි” ශීර්ෂ පාඨයේ සහ ඊට අදාළව මේ දිනවල පළ වන ප්‍රවෘත්ති සම්පුර්ණයෙන් පාඨකයා නොමඟ යවන සුළු සාවද්‍ය කරුණූ වලින් සමන්විත වන බව සෙඛ්‍ය අමාත්‍යංශය නිරීක්ෂණය කර ඇත.


ඉහත ප්‍රවෘත්තියට පාදක වී ඇති prednisolone eye drops ඖෂධය භාවිතය හේතුවෙන් ඇස් අන්ධ වීම් සම්බන්ධව වන්දි ගෙවීම සඳහා කරුණු සොයා බැලීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පත් කර තිබු කමිටුවට, නො. 37/A, වැවහේනවත්ත, හිරිවල, කල්එළිය, ගම්පහ පදිංචි කේ.ඒ.ලෙනින් නි‍රෝෂන් නැමති අය අදාළ ඖෂධය භාවිතයෙන් තමාගේ ඇස් අන්ධ වී ඇති බවට කරුණු ඉදිරිපත් කර වන්දි ඉල්ලීමක් සිදු කරමින් කර තිබු ඉල්ලීමක් ප්‍රතික්ෂේප කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය යැවු ලිපියකි.
ඉහත කරුණට අදාළව සෞඛ්‍ය අමාත්‍යංශය කළ දැනුම් දීමකට අනුව වන්දි ලබා ගැනීම සඳහා අයදුම්පත් 99ක් ඉදිරිපත් වු අතර විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත කමිටුවක් අදාළ වෛද්‍ය වාර්තා සහ කරුණු ඉතා ගැඹුරින් අධ්‍යනය කර රෝගීන් 17 දෙනෙකු සඳහ රු.14,700,000.00 ක වන්දි මුදලක් ප්‍රදානය කිරීමටත්, අයදුම්පත් 69ක් ප්‍රතික්ෂේප කිරීමටත් කටයුතු කර ඇති අතර තවත් අයදුම්පත් 13 ක් මේ වන විටත් සලකා බලමින් පවතී.


මෙම කරුණට අදාළ ඖෂධය භාවිතා කළ හා නොකළ විශාල පිරිසක් වන්දි ලබා ගැනීම සඳහා අයදුම් කළ බැවින් විශේෂඥ කමිටුවක් විසින් එම අයදුම්පත්වල සත්‍ය අසත්‍යතාවය විද්‍යාත්මකව නිරීක්ෂණය කළ අතර එහි දී වෛද්‍ය වාර්තා සහ අනෙකුත් කරුණු වලින් මේ පිළිබඳ සත්‍යතාවය හෙළි නොවු සියලු අයදුම්කරුවන්ට ඒ බව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ලිඛිතව දැනුම්දීමට කටයුතු කරන ලදී.


අද (26) දින පුවත්පතක පළ වී ඇති සහ සමාජ මාධ්‍ය වලින් ප්‍රචාරය වන ප්‍රවෘත්තියට පාදක වු ඉල්ලීම ඉදිරිපත් කළ කේ.ඒ.ලෙනින් නි‍රෝෂන් මහතා වෙත 2025.11.13 දින සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය ඩබ්.කේ.වික්‍රමසිංහ මහතාගේ අත්සනින් නිකුත් කළ ලිපියේ 2 වන ඡේදය පහත අයුරින් සඳහන් වේ.
“ඒ අනුව, වෛද්‍යවරුන් ගෙන් සමන්විත කමිටුවක් මඟින් ඔබගේ වෛද්‍ය වාර්තා පරීක්ෂා කිරීමේ දී තහවුරු වුයේ ඔබගේ ඇස් දුර්වලතාවයන්ට පත්ව ඇත්තේ prednisolone eye drops ඖෂධය භාවිතයෙන් නොවන බවයි.” යනුවෙනි.
ඉහත ප්‍රකාශයේ කිසිදු ස්ථානයක අදාළ ප්‍රවෘත්ති වන ශීර්ෂ පාඨයේ සඳහන් ආකාරයට “කෙහෙළියගේ කාලයේ ගෙන්වු අක්ෂි දියරයේ ගැටලුවක් නැහැ – සෞඛ්‍ය අමාත්‍යංශය කියයි” යන කරුණ කිසිසේත්ම සඳහන්ව නොමැති අතර එවන් ආකාරයේ කරුණක් ගම්‍ය වන ආකාරයේ සඳහනක් ද නොමැත.


එසේ තිබිය දී අදාළ සාවද්‍ය ප්‍රවෘත්තිවල,
“හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹූක්වැල්ලගේ කාලයේ දී මෙරටට ගෙන්වන ලද prednisolone eye drops නැමති අක්ෂි දියරය භාවිතා කිරීම රෝගීන්ගේ දෘෂ්ටි ආබාධාවලට හේතුවක් නොවන බවට සඳහන් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ලිපියක් නිකුත් කර තිබේ.”යනුවෙන් ද දක්වා ඇත.


ඉහත ආකාරයේ කරුණු ඇතුළත් ලිපියක් සෞඛ්‍ය අමාත්‍යංශය කිසිදු අවස්ථාවක නිකුත් කර නොමැති අතර මෙය අතිශ්‍ය සාවද්‍ය පාඨකයා නොමඟ යවන සුළු මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ ප්‍රතිලාභ භුක්ති විදින රෝගීන් භීතියට පත් කරන ප්‍රවෘත්ති වේ.
එමෙන්ම මේ වන විටත් අදාළ පුවත්පතේ සාවද්‍ය ප්‍රවෘත්ති පාදක කරගනිමින් විද්යුත් රූපවාහිනී නාලිකා පුවත්පත් ශීර්ෂ පාඨ ඉදිරිපත් කිරීම යටතේ ද සමාජ මාධ්‍ය ඔස්සේ ද අදාළ ප්‍රවෘත්ති උපුටා දක්වමින් මෙම සාවද්‍ය කරුණ දැඩි ලෙස සමාජගත කරමින් සිටී. එය බරපතල හානිදායක තත්වයකි.


එබැවින් මෙවන් මෙවන් මහජන සෞඛ්‍යයට අදාළ සන්වේදී කරුණු පිළිබඳ ප්‍රවෘත්ති පළ කිරීමේ දී සෞඛ්‍ය අමාත්‍යංශයේ නිසි බලධාරියකුගේ විමසීමක් සිදු කර සත්‍ය අසත්‍යතාවය තහවුරු කර ගැනීමෙන් අනතුරුව අදාළ ප්‍රවෘත්ති පළ කිරීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කාරුණික ඉල්ලීමක් කර සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතාලියේ ශිත සෘතු ඔලිම්පික් උළෙලට ආලෝකය දෙන ගිණි සිළුව අද ගමන් ඇරඹීය.

නිශ්මං රණසිංහ නොවැම්බර් 26, කොළඹ LNW: ඉතාලියේ මිලානෝ කෝර්ටිනා හී...

හඬ පටය ගැන පරීක්ෂණයක් ඉල්ලා ඇමතිගෙන් CID යට පැමිණිල්ලක්!

කොළඹ LNW:සමාජ මාධ්‍යය තුළ සංසරණය වන හඬ පටය සම්බන්ධයෙන්...

නුවර – නුවරඑළිය ප්‍රධාන මාර්ගය ගැරඬිඇල්ල ප්‍රදේශයෙන් වසාදැමේ

සටහන - රුවන් නෙළුගොල්ල මහනුවර - නුවරඑළිය ප්‍රධාන මාර්ගය ගැරඬිඇල්ල...

හැඩ ඔය ද්‍රෝණිය සහ කුඹුක්කන් ඔය ආශ්‍රිතවත් ගංවතුර අනතුරු හැඟවීම්

සටහන - රුවන් නෙළුගොල්ල හැඩ ඔය ද්‍රෝණියේ මොනරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව...