තැන තැන ආපදා රැසක්: කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගය අද (26) රාත්‍රී 10 සිට දින නියමයක් නොමැතිව වැසේ!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 26, කොළඹLNW :

දිවයිනේ පවතින අධික වැසි සමඟ සුංගාවිල – සෝමාවතිය ප්‍රධාන මාර්ගය ජලයෙන් යට වීම හේතුවෙන් එම මාර්ගය තාවකාලිකව වසා දමා තිබෙන බව වාර්තා වේ.

මේ වන විට එම මාර්ගය 35 කණුව ප්‍රදේශයෙන් අඩි තුනක් පමණ ජලයෙන් යටවී ඇති බවත්, මේ හේතුවෙන් සෝමාවතිය පුදබිමට ප්‍රවේශ වීම සම්පූර්ණයෙන්ම අඩාල වී ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.

මේ අතර කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගයේ බෙරගල සහ හපුතලේ කොටසේ ස්ථාන දෙකක පස් කඳු කඩා වැටීම හේතුවෙන් අද පස්වරුවේ එම කොටසේ රථවාහන ධාවනයට එල්ල වී තිබූ අවහිරතා මේ වන විට ඉවත් වී තිබෙන බව පැවසේ.

තවද, නායයෑමක් හේතුවෙන් වසා දමා තිබි යළි විවෘත කරනු ලැබූ කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගය අද (26) රාත්‍රී 10 සිට දින නියමයක් නොමැතිව වසාතැබීමට තීරණය කර තිබේ.

ඒ අනුව මීට පෙර මාර්ග වසා තැබූ ගනේතැන්න ප්‍රදේශයෙන් යළි මාර්ගය වසා තැබෙන අතර, ඒ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස උපදෙස් ලබා දී ඇත.

එම මාර්ගය මතට ස්ථාන දෙකකින් කඩා වැටී තිබූ පස් කඳු ඉවත් කර මේ වන විට රථවාහන ධාවනය සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව වැඩිදුරටත් වාර්තා වේ .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රටත් , ජනතාවත්, ශාසනයත් අනතුරේ – අල්ලේ ගුණවංශ හිමි කැබිනට් සංශෝධනයක් ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනෙවිය අධ්‍යාපන අමාත්‍ය...

විපක්ෂ නායක සජිත්ගේ උපන්දිනය අද. සජබ – එජාප සමගියට නව බලාපොරොත්තුවක් ?

සමගි ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස...

CIDය කොළඹ ජාතික රෝහලේදී රනිල්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ගෙන් ප්‍රශ්න කරයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ජාතික රෝහලේදී හිටපු ජනාධිපති රනිල්...

අගමැති ඉවත් කරනවාද ? – ටිල්වින්ගෙන් සෘජු පිළිතුරක්

ජාතික ජන බලවේග ආණ්ඩුවේ වත්මන් අගමැති ධුරයේ වෙනසක් කිසිසේත්...