සාගත කතාව ගෝනිබිල්ලෙක්. සිංගප්පූරුවේ හාල් නිෂ්පාදනය නොකළාට මිනිස්සු බඩගින්නේ ඉන්නවාද ? – මහින්දානන්ද

Date:

ආහාර හිඟයක් ගැන කිසිදු බියක් ඇති කරගත යුතු නොමැති බවත් සිංගප්පූරුව, ඩුබායි වැනි රටවල එක සහල් ඇටයක්වත් නිෂ්පාදනය නොකළ ද එම රටවල ජනතාවට බඩගින්නේ සිටින්නට සිදුව නොමැති බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

“ආහාර හිඟයක් ඇති වෙනවාලු. රටේ ආහාර සුරක්ෂිතතාවය ගැන කතා කරනවා … දැන් ඩුබායිවල ආහාර සුරක්ෂිතතාවය ගැන කතා කළොත් මොකක්ද කියන්නෙ ? එක හාල් ඇටයක් නිෂ්පාදනය කරනවාද ඩුබායි ? සිංගප්පූරුවෙ ? ඩුබායිවල මිනිස්සු බඩගින්නෙ ඉන්නවද ? සිංගප්පූරුවෙ මිනිස්සු බඩගින්නෙ ඉන්නවද ?

ආහාර පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නම්, දැනුත් අපි පිටරටින් ගේනවා ආහාර වර්ග, අපි අඩුපාඩු ටික ගේන එකයි තියෙන්නෙ. ඒක නිසා නිකම් ගෝනි බිල්ලො මවනවා මේ රටේ”

මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව පැවසුවේ පොස්පේට් සමාගමට වසර 50ක් සපිරීම වෙනුවෙන් ඊයේ (05) පැවති උත්සවයක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනාමයේ චාමික ඩුබායි හී දී මහානාමයක් වෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: ඇගෙනිස්තානය සහ ශ්‍රී ලංකාව...

පාසල් සිසුන්ට දෙසැම්බර් මාසය පුරාවට ගමනාගමන මණ්ඩලයෙන් සහනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : අද (16) සිට...

හොංකොංහි ධනපතියකු වන ජිමී ලායිට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හොංකොංහි...