අංක එකේ ටෙනිස් ශූරයාට ඕස්ට්‍රේලියාවට ඇතුළුවීම තහනම් – වීසා අත්හිටුවයි

Date:

ලොව අංක එකේ ටෙනිස් ශූරයා වන නොවැක් ජොකොවිච්ට එළඹෙන ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය සඳහා සහභාගි වීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා. ඒ, ජොකොවිච්ගේ වීසා අත්හිටුවීමට ඕස්ට්‍රේලියානු රජය තීරණය කිරීම හේතුවෙනි.

මෙම තීරණය ප්‍රකාශයට පත් කරන විට ටෙනිස් ශූරයා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන් තොටුපල වෙත පැමිණ සිටි අතර මේ වනවිට ඔහු ගුවන් තොටුපල තුළ රැඳී සිටී.

ජොකොවිච් කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා නොගත් පුද්ගලයෙකු වන අතර එන්නත් ලබා ගැනීම ඔහු ප්‍රතික්ෂේප කර තිබෙනවා. කෙසේ නමුත් ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියට සහභාගිවීම සඳහා අවස්ථාව ලබාදීමට ඕස්ට්‍රේලියානු ටෙනිස් බළධාරීන් එකඟ වී තිබිණි. ජොකොවිච් මෙල්බර්න් වෙත පැමිණියේ ඒ අනුවයි.

මෙම තීරණය සඳහා ඕස්ට්‍රේලියානුවන්ගෙන් දැඩි විරෝධයක් එල්ල විය. පූර්ණ එන්නත්කරණයට ලක් නොවූ කිසිවෙකුටත් ඕස්ට්‍රේලියාවට ඇතුළුවීම තහනම් කර තිබියදී ජොකොවිච්ට ලබාදුන් විශේෂ අවසරය ඕස්ට්‍රේලියානුවන්ගේ දැඩි විවේචනයට ලක්ව තිබේ.

ඒ අනුව ටෙනිස් ශූරයාගේ වීසා අත්හිටුවීමට තීරණය කර ඇති අතර තරගාවලියට සහභාගිවීමට නම් අවශ්‍ය සියලු රෙගුලාසි සම්පූර්ණ කළ යුතු බව ඔහුට දැනුම් දී තිබෙනවා.

ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් මහතා පවසන්නේ ජොකොවිච්ට රටට ඇතුළුවීම සඳහා අවසර ලබාදීමට නම් ඔහු එන්නත්කරණය පිළිබඳ දත්ත ඉදිරිපත් කළයුතු බවයි. එසේ නොමැති නම් ඔහුට ඊළඟ ගුවන් යානයෙන් රටින් පිටව යා හැකි බවද අගමැතිවරයා පවසා තිබෙනවා.

34 හැවිරිදි සර්බියානු ටෙනිස් ශූරයා ඕස්ට්‍රේලියානු විවෘත ග්‍රෑන්ඩ්ස්ලෑම් ශූරතාවය 09 වරක් දිනාගෙන සිටින අතර අවසන් වසර තුනේදීම අඛණ්ඩව එම ශූරතාවයට හිමිකම් කීමට ඔහු සමත්ව තිබෙනවා. ඔහු දිනාගෙන ඇති සමස්ත ග්‍රෑන්ඩස්ලෑම් ශූරතා ප්‍රමාණය 20 කි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මූල්‍ය අරමුදලෙන් ලැබෙන ඩොලර් මිලියන 206ක ණය සහ ඉදිරි වසරේ අසීරු ඉලක්ක

"බිලියන 500ක් වෙළෙඳපොළට එන විට ඩොලර්වලට එන ඉල්ලීම යම්...

කීර්ති තෙන්නකෝන් ඇමති සමන්තගෙන් සහ ITN නාලිකාවෙන් මිලියන 100 ක් වන්දි ඉල්ලා නඩු පවරයි

වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න...

රනිල් කොළඹ සුපිරි නිවාස සංකීර්ණයකදී සජබ පිරිසක් නැවතත් හමුවෙලා ?

එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...

වැසි තත්වයේ වෙනසක් – අද (20) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 20) දිනයේදී නැගෙනහිර, ඌව...