සර්ව පාක්ෂික ආණ්ඩුවේ අගමැති හෙට දවල් 10 ට කලින් !

Date:

සර්ව පාක්ෂික ආණ්ඩුවේ අගමැතිවරයා හෙට දහවල් 10 ට කලින් නම් කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා. මන්ත්‍රීවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.

අගමැති ධුරය හිස්ව ඇති බැවින් සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් අගමැතිවරයෙකු පත් කරන ලෙස වැඩබලන ජනාදිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා කතානායකවරයාට දැනුම් දී ඇති අතර අගමැති අපේක්ෂකයා තීරණය කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙන්නේ ඒ අනුවයි.

අගමැතිවරයා නම් කිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ පක්ෂ අතර යම් එකඟතාවයක් ඇති කරගෙන තිබෙන අතර දැනට ආණ්ඩු පාර්ශ්වය නියෝජනය කරන කණ්ඩායම් සමගද තවදුරටත් සාකච්ඡා කරන බවයි හර්ෂ ද සිල්වා වැඩිදුරටත් පවසන්නේ. සියලු කණ්ඩායම් සමග සාකච්ඡා කර සියලු පාර්ශ්වවල එකඟතාවයෙන් අගමැතිවරයා පත්කර ගැනීමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනතාවගේ ජනවරම අවජාතක කළා නම් සුජාත පුත්තු උපදිනවා කියලා හිතන්න එපා – ඇමති TB

ජාතික ජන බලවේගය ප්‍රාදේශීය සභාවල බලය පිහිටුවා ඇත්තේ පොහොට්ටුව,...

ජනාධිපති අරමුදලෙන් උසස් පෙළ විශිෂ්ටයන් ඇගයේ!

උතුරු පළාතේ 2023 අ.පො.ස උ/පෙළ විභාගයෙන් සියලුම විෂය ධාරා...

PRIDE 2025 මෙවරත්! (PHOTO STORY)

කොළඹ LNW: ශ්‍රී ලංකාවේ LGBT ප්‍රජාව විසින් අද...