තවමත් අවදානම පහව ගොස් නෑ:කැලණි ගඟ ආශ්‍රිතව පහත්බිම්වල ජනතාවට අවවාදාත්මක නිවේදනයක් !

රෂිකා හෙන්නායක නොවැම්බර් 30, කොළඹ LNW :

වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් කැලණි ගඟ ආශ්‍රිතව පහත්බිම්වල වෙසෙන ජනතාවට තවදුරටත් දැඩි සැලකිල්ලෙන් යුතුව කටයුතු කරන ලෙස විශේෂ දැනුම්දීමක් කර තිබේ.

කොළඹ ආසන්නයේ පහත්බිම් ආශ්‍රිතව මෙන්ම කැලණිය, බියගම ආදී බොහෝ ප්‍රදේශවල ජනතාව තවදුරටත් දැඩි සැලකිල්ලෙන් යුතුව කටයුතු කළ යුතු බව , වාරිමාර්ග අධ්‍යක්ෂ ජල විද්‍යා ආපදා කළමණාකරණ එල්.එස් සූරියබණ්ඩාර මහතා පවසයි.

ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ ,

“මේ වන විට හංවැල්ල ප්‍රදේශයේ ජල මට්ටම 10.8 දක්වා උපරිමයකට ඇවිත් තියෙනවා. අපේ නිරීක්ෂණ අනුව බොහෝ දුරට 10.88 අගය හංවැල්ල ජල මට්ටමේ උපරිම අගය වීමට ඉඩ තිබෙනවා. නාගලගම්වීදියේ ජල මට්ටම ආසන්නම අඩි 7 දක්වා පැමිණ තිබෙනවා. මේ හේතුවෙන් අපිට පෙනෙන්නට තියෙන්නේ කැලණි ගඟේ ජල මට්ටම් ඉහළ සිට පහළට යද්දි හංවැල්ල ජල මට්ටම උපරිම අගයකට පැමිණීමත් සමගම ඒ අතර ප්‍රදේශයේ ජල මට්ටම් තවදුරටත් ඉහළ යා හැකියි. විශේෂයෙන්ම හංවැල්ල ප්‍රදේශවල ජලය විහිදී ඇති ප්‍රදේශවලටත්, ඒ ආශ්‍රිත ජලය විහිදී ඇති ප්‍රදේශ මෙන්ම පහත්බිම් තවදුරටත් ගංවතුර තත්ත්වය පැවතීමටත් ඒ ප්‍රදේශවල ඉන්න අයට තවදුරටත් අඩියක හෝ ජල මට්ටමක් ඇතිවීමේ අවදානමක් තියෙනවා. මේ තත්ත්වය නිසා කොළඹ ආසන්නයේ ප්‍රදේශවලත්, කැලණිය, බියගම ආදී බොහෝ ප්‍රදේශවලටත් ජලය ඇතුල් වී තිබෙන බව අපිට වාර්තා වී තිබෙනවා. ඒ නිසා එම ප්‍රදේශවල ඉන්න අය තවදුරටත් සැලකිල්ලෙන් සිටින ලෙස ඉල්ලා සිටිනවා. මොකද කැලණි ගඟ ආසන්නයේ ජල මට්ටම් මේ වන විටත් ඉහළ යාමට ඉඩ කඩ තියෙනවා.”

එමෙන්ම අත්නගලු ඔය ආශ්‍රිතව ජල මට්ටම් තවදුරටත් මහ ගංවතුර තත්ත්වයක පවතින බැවින් ඊට පහළ ප්‍රදේශ ආශ්‍රිත ජනතාව අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කර තිබේ.

තවද මාවිල්ආරු ගංවතුර වේලි කැඩී යාමේ අවදානමක් සම්බන්ධව වාර්තා පළ වුවත් එය පරීක්ෂා කිරීමට පවා එම ස්ථානය යාමට නොහැකි මට්ටමේ ඉහළ ජල මට්ටමක් පවතින බවත් පැවසූ ඒ මහතා සඳහන් කළේ ඒ ආශ්‍රිත ප්‍රදේශ වෙතද තවදුරටත් ජල මට්ටම් ඉහළ යමින් පවතින බැවින් ඒ සම්බන්ධව දැඩි අවධානයෙන් යුතුව කටයුතු කළ යුතු බවය.

“දූනමලේ අපගේ ජල මාපකවල ජල මට්ටම් තවදුරටත් මහ ගංවතුරක පවතින බැවින් ඊට පහළ ප්‍රදේශවන ගම්පහ, ජාඇල, වත්තල, කඳාන වැනි ප්‍රදේශවල ජල මට්ටම් තවදුරටත් ඉහළ යා හැකියි එ නිසා ඒ ප්‍රදේශවල සහ පහත්බිම්වල වෙසෙන ජනතාව අවධානයෙන් කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටිනවා. ඒ වගේම මහඔය ජලාශයේ ගංවතුර තවමත් අධි ගංවතුර තත්ත්වයක පවතින්නේ මේ නිසා මේ ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශ තවදුරටත් ගංවතුර තත්ත්වයන් වැඩි වීමේ හැකියාවක් තිබෙනවා. 

මහවැලි ගඟේ ඉහළ සිට පැමිණි ජලය ඒ ආශ්‍රිත පහත්බිම් ආශ්‍රිතව විසිරී පැවතුනත් ඉන් පහළ ත්‍රිකුණාමලය දක්වා යන මාවිල්ආරු, කින්යා, මුත්තූර් වැනි ප්‍රදේශවලට ජලය ඇතුල්වී විහිදෙමින් පවතිනවා. ඒ නිසා එම ප්‍රදේශවල තවදුරටත් ජල මට්ටම් ඉහළයාමේ අවදානමක් තියෙන බවත් ඒක සැලකිය යුතු උසක් දක්වා වර්ධනය වීමේ හැකියාවකුත් තියෙනවා. විශේෂයෙන්ම කතා බහට ලක්වෙනවා මාවිල්ආරු ගංවතුර වේලි කඩාගෙන යාමක් සම්බන්ධයෙන්. ගංවතුර වේලි කඩාගෙන යාම පරීක්ෂා කිරීම ඉතා ඉහළ ජල මට්ටමක් පවතින නිසා නොහැකි වී තිබෙනවා. මෙම වේලි කඩන් ගියත් නැතත් ‍මේ වන විට ගංවතුර එම ප්‍රදේශවල විහිදී තියෙන්නේ. එම නිසා කින්නියා, මුත්තූර්, සූරියපුර වැනි ප්‍රදේශවල ජල මට්ටම් ඉහළ යමින් පවතිනවා.

එමෙන්ම බොහෝ ඉහළ ගංගා දෝණිවල ජල මට්ටම් අඩුවෙමින් පැවතියත්  ගියත්   පහළ ද්‍රෝණි තවමත් බැස ගිහින් නෑ ඒ වගේම ජල මට්ටම් අඩුවූ ස්ථානවල පවා මේ වන විට අනතුරුදායක මට්ටමක තියෙන්නේ ඒ නිසා ජල මට්ටම් අඩුවීමේදී ඇතිවන අනතුරු ජල මට්ටම් වැඩිවීමේදී සිදුවන අනතුරුවලට සමානයි ඒ නිසා මෙම ජල මට්ටම් අඩුවීම නිසා එහි ක්‍රීඩා කිරීම හෝ වෙනත් ක්‍රියාමාර්ගවලට යොමුවීම, මේවා බලන්න යාම, යටවූ මාර්ග ස්ථාන භාවිත කිරීම ඉතාමත්ම අනතුරුදායකයි මොකද මේ තුළ නොපෙනන හානි විශාල වශයෙන් සිදුවී තිබිය හැකියි.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2027 අයවැය …

රෂිකා හෙන්නායක නොවැම්බර් 12, කොළඹ LNW: 2027 වසරේ සංවර්ධන අරමුදල්...

2027 අයවැය : මාර්ග සංවර්ධනයට බිලියන 487ක්

දුම්රිය මාර්ග ද ඇතුළුව මෙරට මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීම...

මෑත ඉතිහාසයේ අපේක්ෂිත ආදායම ඉක්මවා උපයා ගත එකම ආණ්ඩුව අපි – ජනපති අයවැය කතාවේදී කියයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:වසර 68කට පසු අයවැය හිඟයේ අඩුම අගය...

විදේශ අධ්‍යාපන සහතික ප්‍රශ්න කිරීමත් සමඟ ඉන්දුනීසියානු උප ජනාධිපතිවරයා ඉල්ලා අස්වෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 12: ඉන්දුනීසියානු උප ජනාධිපති,...