අපි පාර වරද්ද ගත්තා, අපේම බලවේග තරහ කර ගත්තා, ඒකයි මෙහෙම උනේ !

Date:

තුනෙන් දෙකකට ආසන්න බලයක ලබාගෙන ආණ්ඩුව පිහිටවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වසර තුනක් සම්පූර්ණවීමටත් පෙර ගෙදර යාමට සිදුවූයේ නිවැරදි තීරණ ගැනීමට අසමත් වීම නිසා සහ නිවැරදි තීරණ නිවැරදි වේලාවේදී ගැනීමට අසමත් වීම නිසා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.

එසේම ආණ්ඩුමේ අභ්‍යන්තරය තුළ ඇති වූ ගැටුම්ද ඊට හේතු වූ බව පෙන්වා දෙන බැසිල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පවසන්නේ මෙවැනි ගැටලු හේතුවෙන් ආණ්ඩුව බලයට පත්කළ බලවේග ආණ්ඩුව සමග විරසක වූ බවය.

පාර වැරදුණු බව තමන් පිළිගන්නා බවත්, කෙසේ නමුත් එය අවබෝධ වනවිට සියල්ල සිදුවී අවසන් බවත් බැසිල් රාජපක්ෂ මහතා සතිඅන්ත පුවත්පතක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කරයි.

යහපාලන ආණ්ඩුවටත් වඩා වැඩියෙන් යහපාලනය ක්‍රියාත්මක කිරීමට උත්සාහ දැරූ නමුත්, ඒ සඳහා නිවැරදි උපායමාර්ග අනුගමනය කිරීමට අසමත් වූ බවද ඔහු පවසනවා.

ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සිදුකළ විමසීමට ප්‍රතිචාර දක්වමින් රාජපක්ෂ මහතා පවසා තිබෙන්නේ ඒ සම්බන්ධයෙන් තවමත් නිශ්චිත අදහසක් නොමැති බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළැට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...

ඕමන්තේ මාරක අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: කැබ් රථයක් ලොරියක ගැටී...