සමාජ මාධ්‍ය ඔස්සේ මන්ත්‍රීවරුන්ට බලපෑම් කරන අය හොයන්න – රනිල්ගෙන් පොලිසියට උපදෙස්

Date:

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා ලබන 20 වෙනිදා පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත ඡන්ද විමසීමේදී මන්ත්‍රීවරුන්ට නිදහසේ සිය ඡන්දය භාවිතා කිරීමට ඇති අයිතිය අවහිර කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ බලපෑම් කරන පුද්ගලයින් පිළිබඳ විමර්ශනය කරන ලෙස වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබාදී තිබේ.

ඇතැම් අපේක්ෂකයින්ට “ඡන්දය දී ගමට එන්න එපා” යැයි සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය කරමින් යම් යම් පිරිස් තමන්ට තර්ජනය කරමින් බලපෑම් කරන බවට මන්ත්‍රීවරුන්ගෙන් ලැබුණු පැමිණිල්ලකට අදාළව වැඩබලන ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදී ඇති බව සඳහන්.

එසේ පැමිණිලි කළ මන්ත්‍රීවරුන් සඳහන් කර ඇත්තේ මීට පෙරත් තමන්ගේ නිවෙස්වලට ගිනිතබා විනාශ කෙරුණු අතර එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඝාතනයට ද ලක්වූ බවත් මේ සමාජ මාධ්‍ය ප්‍රචාරණ ඔස්සේ ද සිදුකෙරෙන්නේ තමන්ට ව්‍යංගයෙන් මරණ තර්ජන එල්ල කිරීමක් බවත් ය.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී බලතල හා වරප්‍රසාද පනත සහ මෙම සිද්ධියට අදාළ අපරාධ නීති පනත් යටතේ මෙම විමර්ශනය සිදුකරන ලෙස වැඩබලන ජනාධිපතිවරයා විසින් ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබාදී ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

21 රැලියට විමල් සහ ජානිපෙත් නෑ

නොවැම්බර් 21 වනදා නුගේගොඩදී පැවැත්වීමට නියමිත ආණ්ඩු විරෝධී රැලියට...

රුසියාව යුද්ධය වෙනුවෙන් අප්‍රිකානුවන් 1,400 ක් ?

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව වෙනුවෙන් යුද්ධය...

ආර්ථිකය සුනු විසුණු කළ රටක් ජනතාව විසින් අපට භාර දුන්නේ – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW : අයවැය දෙවන වර...

අපරාධ මැඩලන්න ක්‍රියාමාර්ග රැසක් – ඇමති පාර්ලිමේන්තුවේදී හෙළි කරයි!

කොළඹ LNW:සංවිධානාත්මක අපරාධ සහ ප්‍රචණ්ඩක්‍රියා මර්දනය කිරීම සඳහා විශේෂ...