රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW :
අද රාත්‍රී 11.00 දක්වා වලංගු වන පරිදි බස්නාහිර, සබරගමුව පළාත් සහ ගාල්ල හා මාතර දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.
ඒ අනුව අදාළ නිවේදනය සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන ලෙසත් එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
කොළඹ, ගම්පහ, ගාල්ල, මාතර, කළුතර, කෑගල්ල සහ රත්නපුර ප්‍රදේශවල ජනතාවට අනතුරු ඇඟවීම් සිදුකර ඇති අතර ඊට අදාළ අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.
