ශ්‍රී ලංකා බලධාරීන් IMF වෙතින් ඩොලර් මිලියන 200ක හදිසි ණයක් ඉල්ලයි

ශ්‍රී ලංකා බලධාරීන් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හදිසි මූල්‍යයන පහසුකම (Rapid Financing Instrument -RFI) යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 200ක මූල්‍ය පහසුකමක් ඉල්ලා තිබේ.

මෙම ඉල්ලීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතියට යටත්ව මේ වන විට සමාලෝචනය කරමින් පවතින බවයි ශ්‍රී ලංකාව සඳහා වූ IMF මෙහෙයුම් ප්‍රධානී එවන් පපාජෝර්ජියෝ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ.