ඉන්දියාවේ රාත්‍රී සමාජ ශාලාවක ඇති වූ ගින්නක් හේතුවෙන් 23 දෙනෙකු ජිවිතක්ෂයට

Date:

සටහන: සශිකලා මධුෂාණි

දෙසැම්බර් මස 07: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉන්දියාවේ උතුරු ගෝවා දිස්ත්‍රික්කයේ අර්පෝරා ගම්මානයේ ජනප්‍රිය රාත්‍රී සමාජ ශාලාවක ඊයේ(06)රාත්‍රියේ ඇති වූ ගින්නක් හේතුවෙන් 23 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.

ගින්නට හේතුව ගෑස් සිලින්ඩරයක් පුපුරායාම බවට වාර්තා වන අතර ගින්නෙන් සංචාරකයින් කිහිප දෙනෙකු සහ මුළුතැන්ගෙයි සේවකයින් බොහෝ දෙනෙකු මිය ගොස් තිබේ.

ගෝවාහි ප්‍රධාන අමාත්‍ය ප්‍රමෝද් සාවන්ත් මෙම සිදුවීම සම්බන්ධයෙන් සඳහන් කර තිබුණේ, සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට නියෝග කර ඇති බවත්, ඕනෑම නොසැලකිල්ලක් සම්බන්ධයෙන් දැඩි ලෙස කටයුතු කරනු ඇති බවත්ය.

අරාබි මුහුදේ වෙරළ තීරයේ පැරණි පෘතුගීසි යටත් විජිතයක් වූ ගෝවා, එහි රාත්‍රී ජීවිතය, වැලි සහිත වෙරළ තීරයන් සහ සන්සුන් වෙරළබඩ වායුගෝලය සමඟ සෑම වසරකම මිලියන ගණනක් සංචාරකයින් ආකර්ෂණය කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්වර්ණ ජයන්තිය අවර්ණ කිරීම

නිශ්මං රණසිංහ ජනවාරි 22, කොළඹ LNW: කුමන හෝ ක්‍රියාවලියකදී ස්වර්ණ...

නාමල් සමග සජබ පොහොට්ටු පිරිසක් ඔඩිසා ප්‍රාන්තයට!

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඉන්දියාවේ ආරාධනය පරිදි...

ඉන්දියානු ජනරජ දිනය සැමරීමට නාමල් සමග සජබ පොහොට්ටු පිරිසක් ඔඩිසා ප්‍රාන්තයට!

කොළඹ LNW:ඉන්දියාවේ ආරාධනය පරිදි ජනවාරි 26 වෙනිදාට යෙදෙන ඉන්දීය...

දිලිත්ගේ පස්රූල් පොතට නිපුනආරච්චි ගල් ලෑල්ලෙන් උත්තර දෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දේශපාලන කරළියේ...