සුඩානයේ මරාගෙන මැරෙන ඩ්‍රෝන් ප්‍රහාරයක් හේතුවෙන් දරුවන්ද ඇතුළුවන් 114 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි

දෙසැම්බර් මස 07: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : සුඩානයේ දකුණු කෝර්ඩෝෆාන් ප්‍රාන්තයේ ළදරු පාසලක් සහ ක්‍ෂණික සහායක බලකාය (RSF) විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් දරුවන් 46 දෙනෙකු ඇතුළුව 114 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

RSF විසින් මෙම මරාගෙන මැරෙන ප්‍රහාරයේදී ළදරු පාසලට පහර දුන් බවත් පසුව සංහාරය මධ්‍යයේ ආධාර ලබා දීමට රැස්ව සිටි සිවිල් වැසියන් ඉලක්ක කරගෙන තිබු අතර මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහල යා හැකි බවට රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කර තිබේ.

සුඩානය සඳහා වන යුනිසෙෆ් නියෝජිත ෂෙල්ඩන් යෙට් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් සඳහන් කර තිබුණේ, පෙර පාසල් ඉලක්ක කිරීම අතිශය නින්දිත හා සමාව දිය නොහැකි කරුණක් වන බවත්, ළමයින් කිසි විටෙකත් ගැටුමේ මිල නොගෙවිය යුතු බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...